ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබෙන සියලූම මද්‍රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බව කී අග‍්‍රාමාත්‍යවරයා එම පාසල්වල උගන්වනු ලබන විෂය මාලා පිළිබඳ විධිමත් සිදුකරන ලෙසට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම එම පාසල්වල උගන්වනු ලබන විෂය මාල පිළිබදව විධිමත් අධ්‍යයනයක් සිදුකර මුස්ලිම් කටයුතු අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව නිවැරදි විෂය නිර්දේශයක් සකස් කරන ලෙසද අගමැතිවරයා උපදෙස් දුන්නේය.
බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘති කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය
පුස්තකාල ජයරුපයකි