මන්ත්‍රීවරුන්‌ගේ විරෝධයක් නිසා කටාන ප්‍රාදේශීය සභා රැස්වීම උණුසුම් වෙයි

දිනට නියමිත න්‍යාය පත්‍රයේ සදහන් විෂයන්ට සම්බන්ධ  මුදල් කමිටු වාර්තා ඇතුළු ලේඛන නොමැතිව මහා සභාව පැවැත්වීමට ඉඩදිය නොහැකිබව පවසමින් මන්ත්‍රීවරුන් විරෝධය දැක්වීම නිසා කටාන ප්‍රදේශීය සභාවේ මාසික මහා සභා රැස්වීම කල්තැබීමට සභාපති වරයාට සිදුවිය.

කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මස  මාසික මහාසභා  රැස්වීම 13 දින දෙමන්හන්දිය ප්‍රාදේශීය සභාවේ රැස්වීම ශාලාවේදී පැවත්විණි.

දිනට නියමිත න්‍යාය පත්‍රයේ සදහන් විෂයන්ට සම්බන්ධ  මුදල් කමිටු වාර්තා ඇතුළු ලේඛන නොමැතිව සභාව පවත්වාගෙනයාමට නොහැකිබව පවසමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එකහඩින් ප්‍රකාශකිරිම නිසා සභාව කල්තබා අදාළ ලේඛන මන්ත්‍රීවරුන්ට  ලබාදී නැවත රැස්වීම පැවැත්වීමට සභාපති  නන්ද විජයරත්න ද සිල්වා මහතා පියවර ගත්තේය

ප්‍රාදේශීය සභාමන්ත්‍රී කමල්සිරි .ද සිල්වා (ශ්‍රීලනිප)

මන්ත්‍රීවරු සභාවට එන්නේ මාසයකට සැරයක් කමිටුවාර්තා නැතිව යෝජනා සම්මත කරන්නේ කොහොමද මන්ත්‍රීවරු අපහසුතාවයට පත්කරන්න එපා.හැමදාම මේවිදියට සභාව පවත්වාගෙන යන්න බැහැ.

ප්‍රාදේශීය සභාමන්ත්‍රී  නේවින් ධර්මප්‍රිය විජේසිංහ (ජවිපෙ)

න්‍යාය පත්‍රයේ සදහන්වනවා  මුදල් කමිටු වාර්තාවක් ඇමිනුමක් ලෙස තිබෙනබව එමනිසා එම වර්තාව තිබිය යුතුමයි මාසයකට සැරයක් අප රැස්වන්නේ මොනවහෝ කතාකරලා යන්න නොවෙයි ජනතාව අපට පවරපු වගකීමක් තියෙනවා  එය ඉටුකළ යුතුයි.මෙයට හේතුව අක්‍රමවත්ව හා පිළිවෙලක් නැතුව වැඩකිරීමයි.

ප්‍රාදේශීය සභාමන්ත්‍රී  ලසන්ත දීපාල්  (එජාප)

වාර්තාව සභාවට ඉදිරිපත්කරන්නේ සභා සම්මත කිරීමටයි වාර්තාව අංග සම්පුර්න නැත්නම් සභාවට ඉදිරිපත් කරන්න එපා.

සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතා (ශ්‍රීපොජපේ)

මෙම අදහස්වල සාධාරණ බවක් තිබෙනාව වාර්තාවේ අඩුපාඩු තිබෙනවා එමනිසා සභාව කල්තබමු.

මේ අනුව සභාව කල්තබා අදාල ඇමුණුම් මන්ත්‍රීවරුන් වෙත ලබාදීමෙන් පසු   11.30 ට යලි රැස්විය.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img