32 C
Negombo
32 C
Negombo

කොකේන් ගෙනා ලැටිවියානු ජාතිකයෙකු දිවි ඇතිතෙක් සිපිරිගෙට

-

කොකේන්  සන්තකයේ තබාගැනීම සහ ජාවාරම්කිරීමේ චෝදනාවලට වරදපිළිගත්  29 හැවරදී ඩනී ලෝ නමැති  ලැටිවියානු ජාතිකයෙකුට   මිගමුව පළාත්බද මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින්  අද17දින ජීවිතාන්තය දක්වා සිරදඩුවම්   නියමකරනු ලැබිය.

2017 පෙබරවාරි මස 14  දින කොකේන් කිලෝග්‍රෑම් එකක් සහ ග්‍රෑම් පන්සියක්  ගමන් මල්ලක ව්‍යාජ පතුලක සගවාගෙන  කටුනායක ගුවන් තොටුපොලින් ශ්‍රීලංකාවට පැමිණි විත්තිකරු කටුනායක ගුවන් තොටුපොල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

රජයේ අධිනීතිඥ මලික් අසිස්  මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල් 23370අනිල් බණ්ඩාර මහතා පැමිණිල්ලට සහාය විය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.