මාසයකදී ලක්‍ෂ 67 ක් කුඩු කල මත්ලෝලියෙක් අත්අඩංගුවට

දිවා කාලයේ පිටතින් ඉබි අගුළු දමා වසා ඇති නිවෙස්වලට ඇතුළුවී රත්රන් පමණක් සොරකම් කරවිකුණා  එම මුදල් සුදුවට සහ මත්වීමට වියදම්කල මත්ලෝලියෙකු මෙම මස 28 දින දක්වා රක්‍ෂිත බන්ධානාගාර ගතකරන ලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය නියෝග කලාය

මෙසේ රක්ෂිත බන්ධනාගාරගතකලේ මීරිගම  කල්එලිය කොටකන්ද පදිංචි සැකකරුවෙකි

මිගමුව ජුම්මා මස්ජිඩ් පාරේ නිවසක්බිද ලක්‍ෂ 17 ක්වටිනා රන් අභරණ සොරකම් කිරීමේ සිද්ධියක් පිලිබදව මිගමුව කොට්ටාසයේ අපරාධ විමර්ශන අංශයයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදුකල විමර්ශනයකින් අනතුරුව මීරිගම  කල්එලිය කොටකන්ද පදිංචි සැකකරු සමග සොරකම් කල ලක්‍ෂ 17 ක් වටිනා රත්රන් අත්අඩංගුවට ගෙනතිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙනසිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇති කරුණු අනුව  මොහු දීර්ඝකාලයක සිට ගෙවල් බිදීම් සිදුකරන බවත් මිගමුව දන්කොටුව මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල සිදුකල ගෙවල් බිදීම් නඩුවලට රක්‍ෂිත බන්ධනාගාර ගතව්සිට ඇප ලබා පැමිණ යලි මෙම නිවස බිද ඇත.

මොහුගේ බැංකු පොතේ   ලක්‍ෂ 40 ක මුදලක් තැන්පත්කර තිබු බවත් බන්ධනාගාරයෙන් ඇප ලබා පැමිණ ගතවූ මාසයක් වැනි කාලයක් තුල එම සියලු මුදල්  තුල මත්ද්‍රව්‍ය වලට සහ සුදුවට වියදම්කර ඇතිබව සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබේ.

මිගමුව පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතාපොලිස් සිදුකල විමර්ශන කටයුතු සදහා පොලිස් සැරයන් 52609 ජයකොඩි පොලිස් කොස්තාපල්වරුන් වන 60490 සෙනවිරත්න 37928 ව්න්නිනිනායක 82442 පෙරේරා 82756 ගයාන් 34292 නලින්ද සහ 88441 හපුවිට යන නිලධාරින්ද සහභාගිවී ඇත.

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img