ග්‍රාම ශක්ති වැඩසටහන අලුත්වෙයි

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ග්‍රාම ශක්ති වැඩසටහන අධ්‍යනය කිරීමෙන් පසු එහි පවතින ගැටළු රාශියක් හදුනාගත් බැවින් හා විවිධ පාර්ශව වලින් ලැබුණු පැමිණිලි, අදහස් හා යෝජනා අනුව ග්‍රාම ශක්ති වැඩසටහන නව මුහුණුවකින් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ අද(20) දින සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී හමුවු අවස්ථාවේදීය.

ග්‍රාම ශක්ති වැඩසටහන තුළ ගැටළු රාශියක් පවතින් බැවින් දැටන ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් වලට අමතරව නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන බවත් විශේෂයෙන් ක්ෂද්‍ර මුල්‍ය ණය ලබාගැනීමේදී පවතින සංකීර්ණ ගිණූම් තැබීමේ ක්‍රියාවලිය පිළිබද නැවත සමාලෝචනයක් සිදුකළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ග්‍රාම ශක්ති වැඩසටහන තුළින් දිළිදු පවුල් නගා සිටුවීමට සහ නිෂ්පාදන ගම්මාන බිහි කිරීම තුළින් ග්‍රාමීය ව්‍යවසායකින් නගා සිටුවමන් ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකි වූවත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ගැටළු රාශියක් පවතින බැවින් මෙම වැඩසටහන නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යාමට සැලසුම් කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ග්‍රාම ශක්ති වැඩසටහන ගම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී සිය නිලධාරීන් විවිධ ගැටළුවලට මුහුණ දෙන බවත් පවතින සංකීර්ණතා අවම කර දෙන මෙන් සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිස මෙහිදී අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. පසුගිය රජය විසින් ග්‍රාම ශක්ති වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකල බැවින් මෙම වැඩසටහන කෙරෙහි පැවති ජනතා ප්‍රසාදය අඩුවෙමින් පවතින බැවින් නිසි ක්‍රමවේදයක් තුළ නව නාමයකින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින ලදි.

දැනට පවතින ගැටළු හා අඩුපාඩු දින 03 ක් ඇතුළත තමා වෙත ලිඛිතව ලබා දෙන ලෙසත් එම සංක්ෂිප්ත වාර්තා ඇතුළුව අදාළ සංගමයේ දිස්ත්‍රික් මට්ටමින් නියෝජිතයින් සමග ජනාධිපතිතුමා හමුවී සාකච්ජා කිරීමට කටයුතු කරන බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img