ග්‍රාම ශක්ති වැඩසටහන අලුත්වෙයි

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ග්‍රාම ශක්ති වැඩසටහන අධ්‍යනය කිරීමෙන් පසු එහි පවතින ගැටළු රාශියක් හදුනාගත් බැවින් හා විවිධ පාර්ශව වලින් ලැබුණු පැමිණිලි, අදහස් හා යෝජනා අනුව ග්‍රාම ශක්ති වැඩසටහන නව මුහුණුවකින් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ අද(20) දින සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී හමුවු අවස්ථාවේදීය.

ග්‍රාම ශක්ති වැඩසටහන තුළ ගැටළු රාශියක් පවතින් බැවින් දැටන ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් වලට අමතරව නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන බවත් විශේෂයෙන් ක්ෂද්‍ර මුල්‍ය ණය ලබාගැනීමේදී පවතින සංකීර්ණ ගිණූම් තැබීමේ ක්‍රියාවලිය පිළිබද නැවත සමාලෝචනයක් සිදුකළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ග්‍රාම ශක්ති වැඩසටහන තුළින් දිළිදු පවුල් නගා සිටුවීමට සහ නිෂ්පාදන ගම්මාන බිහි කිරීම තුළින් ග්‍රාමීය ව්‍යවසායකින් නගා සිටුවමන් ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකි වූවත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ගැටළු රාශියක් පවතින බැවින් මෙම වැඩසටහන නව මුහුණුවරකින් ඉදිරියට ගෙන යාමට සැලසුම් කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ග්‍රාම ශක්ති වැඩසටහන ගම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී සිය නිලධාරීන් විවිධ ගැටළුවලට මුහුණ දෙන බවත් පවතින සංකීර්ණතා අවම කර දෙන මෙන් සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිස මෙහිදී අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. පසුගිය රජය විසින් ග්‍රාම ශක්ති වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකල බැවින් මෙම වැඩසටහන කෙරෙහි පැවති ජනතා ප්‍රසාදය අඩුවෙමින් පවතින බැවින් නිසි ක්‍රමවේදයක් තුළ නව නාමයකින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙස සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින ලදි.

දැනට පවතින ගැටළු හා අඩුපාඩු දින 03 ක් ඇතුළත තමා වෙත ලිඛිතව ලබා දෙන ලෙසත් එම සංක්ෂිප්ත වාර්තා ඇතුළුව අදාළ සංගමයේ දිස්ත්‍රික් මට්ටමින් නියෝජිතයින් සමග ජනාධිපතිතුමා හමුවී සාකච්ජා කිරීමට කටයුතු කරන බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img