ණය සහන පැකේජයේ ප්‍රතිලාභ ලබා ගන්න 31වනදාට පෙර බැංකු ශාඛාවට දැනුම් දෙන්න

පසුගිය වසර කිහිපයෙහි පවත්වාගෙන යනු ලැබූ සංකීර්ණ බදු ප්‍රතිපත්තිය හා බැංකු නීති රීති හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටීමකට ලක් වූ අතර රජයේ නව ප්‍රතිපත්ති රාමුව වන ‘සෞභාග්‍යයේ දැක්ම‘ අනුව  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය නංවාලීමට විශේෂ යෝජනා මාලාවක් ක්‍රියාවට නංවා ඇත.

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ක්‍රියාවට නංවමින් හඳුන්වා දී ඇති මෙම ණය සහන පැකේජයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ජනවාරි 31 දිනට ප්‍රථම තමන් ණය ලබා ගත් බැංකු ශාඛා වෙත දැනුම් දෙන මෙන් රුපියල් මිලියන 300ට අඩු ණය ලබා ගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් වෙත රජය අවධාරණය කරයි.

එම උපදෙස් අනුව දැනට අක්‍රිය මට්ටමේ පවතින ණය වෙනුවෙන් බැංකු විසින් නීතිමය පියවර ගැනීම වහාම අත්හිටුවා ඇති අතර ඔවුන් වෙත පනවා තිබූ දඩ පොලිය ද  අහෝසි කර තිබේ.   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ණය සහන පැකේජය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සියලු වාණිජ බැංකු වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මෙම ණය සහන පැකේජයට ඇතුළත් වීම සඳහා රුපියල් මිලියන 300 දක්වා ණය ලබා ගෙන ඇති සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සුදුසුකම් ලබති. රජය විසින් දැනුම් දී ඇති පරිදි අදාළ ණය ලබා ගත් ව්‍යවසායකයන් 2020 ජනවාරි 31 දිනට පෙර මෙම සහන පැකේජයට හිමිකම් ලබා ගැනීම සඳහා තමන් ණය මුදල ලබා ගත් අදාළ බැංකු ශාඛාව වෙත ලිඛිතව දැනුම් දීම අනිවාර්ය වේ.

ඒ අනුව දැනට අක්‍රීයව පවතින ණය වෙනුවෙන්, අදාළ ව්‍යවසායකයා විසින් මූලික ණය මුදලින් 50%ක් ගෙවා ඇත්නම් හිඟහිටි පොලිය සඳහා 50%ක පොලී සහනයක් ලබා දෙනු ලබන අතර ණය ආපසු ගෙවීමට ඇති වර්තමාන කාලය දෙගුණ කිරීම ද මෙම සහන පැකේජය යටතේ සිදු කෙරේ.

එසේ ම එම ව්‍යවසායකයන්ට තව ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා මාස තුනක කාරක ප්‍රාග්ධනයක් (Working Capital) ලබා දේ. එම මුදල වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ණය සුරැකුම් ආවරණයක් අදාළ බැංකුව වෙත ලබා දේ.

එසේම දැනට ණය ගෙවීම සක්‍රියව පවත්වාගෙන යනු ලබන රුපියල් මිලියන 300 දක්වා ණය ලබාගෙන ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන්හට තම ණය ආපසු ගෙවීම සඳහා වසරක අතිරේක සහන කාලයක් ලබා දේ. එවැනි ව්‍යවසායකයන්හට තම ව්‍යාපාර වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය වුවහොත් තවත් රුපියල් මිලියන 300ක් දක්වා අමතර ණය මුදලක් ලබා ගත හැකි ය.

adaderana

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img