අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා -අයදුම්පත්‍ර ග්‍රාමනිලධාරින්ට බාරදෙන්න

 අයැදුම්පත් ආකෘතිය ජනවාරි 20 පුවත්පත්වල
 සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 26 වනදා සිට දින 05 ක් තුළ …
 තෝරාගත් අයැදුම්කරුවන්ට මාස 06 ක පුහුණුවක් …
 පුහුණු කාලය තුළ මසකට රු 22,500 ක දීමනාවක් …
 පුහුණුවෙන් පසු ඔක්තෝබර් 01 වනදා සිට රජයේ ස්ථීර රැකියා …

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක ඉහළ සමාජ සුබසාධනයක් උදෙසා අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්ට ස්ථාවර ආදායම් මාර්ග විවෘත කරමින් ඉතා කඩිනමින් රජයේ රැකියා ලබාදීමේ ව්‍යාපෘතිය දැන් ආරම්භ කර තිබේ.
අයැදුම්කරුවන් විසින් ජනවාරි 20 වනදා පළවූ පුවත්පත් දැන්වීමේ සඳහන් ආකෘතියට අනුව සකස් කළ අයැදුම්පත් 2020-02-15 වන දිනට පෙර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වෙත භාරදිය යුතුය.

ග්‍රාම නිලධාරි විසින් තොරතුරු සහතික කර තම ප්‍රාදේශීය ලේකම් වෙත 2020-02-20 වන දිනට පෙර භාර දිය යුතුය. ග්‍රාම නිලධාරි විසින් තොරතුරු තහවුරු කරගැනීමේ දී ප්‍රදේශයේ බිම් මට්ටමේ සිටින සමෘද්ධි නිලධාරීන් සහ සෙසු නිලධාරීන්ගෙන් මෙන්ම ප්‍රදේශයේ පූජක පක්ෂයෙන්, කොට්ඨාසය භාර මහජන නියෝජිතයාගෙන් කරුණු විමසිය හැකිය. වැරදි තොරතුරු තහවුරු කිරීම රැකියාව අත්හිටුවීම ඇතුලු විනය ක්‍රියාමාර්ග ගැනීමට යටත්ය.

ප්‍රාදේශීය ලේකම්වරුන් වරින් වර මෙම කටයුතු අධීක්ෂණය කරමින් “රැකියා කළහැකි දිළිඳුම පවුල්වලට මුල්තැන” ලැබෙන පරිදි වැඩපිළිවෙල ක්‍රියාත්මකවීම සහතික කිරිමට කටයුතු කළයුතුය. ප්‍රාදේශීය ලේකම් විසින් ග්‍රාම නිලධාරීන් වෙතින් ලැබෙන තොරතුරු/අයැදුම්පත්‍ මනා ලෙස ලේඛනගත කිරීම 2020-02-25 වන දින වන විට සම්පූර්ණ කළ යුතුය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදි හා ප්‍රාදේශීය ලේකම් නම් කරන වෙනත් පොදු ස්ථානවල දී තෝරා ගැනීමේ සම්මුඛ පරික්ෂණ බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය විසින් 2020-02-26 වන දින සිට දින 05 ක් තුළ පවත්වනු ලැබේ. අයැදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට ග්‍රාම නිලධාරි සහතික හා වෙනත් ලියවිලි ඇත්නම් ඒවා ඉදිරිපත් කළයුතුය.

 

තෝරාගත් අයැදුම්කරුවන්ට බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ පුහුණුවීමේ පත්වීම් ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරි මගින් ලබා දෙනු ඇත. පුහුණුවීම් 2020-03-02 දින ඇරඹේ. පුහුණු කාලය තුළ මසකට රු 22,500/-ක දීමනාවක් ගෙවනු ලැබේ. මනා පුහුණුලාභීන් 2020-10-01 දින සිට විශ්‍රාම වැටුප් හිමි ස්ථීර සේවකයින් ලෙස පත් කෙරේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් සුවිශේෂී ශ්‍රම සංචිතයක් නිර්මාණය කරනු ඇත. වෘත්තීයවේදීන් විසින් කළමණාකරණය කරනු ලබන ශ්‍රම සංචිතය, අඩු අධ්‍යාපනික සුදුසුකම් සහිත හා අඩු ආදායම්ලාභී ගණයෙහිලා සැලකෙන පිරිස විවිධ නිපුණතාවන්ගෙන් සමන්විත පිරිසක් බවට පත්කර රජයේ මෙන්ම රජයේ නොවන බහුවිධ සේවා සපයන්නන් බවට පත් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙකී පිරිසට අයත් වනුයේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) ට පහළ අධ්‍යාපනයක් සහිත වයස අවුරුදු 18-45 අතර කාණ්ඩයේ රැකියා විරහිත තැනැත්තන් පමණි. බඳවා ගනු ලබන සාමාජිකයන්ට වෘත්තීය පුහුණුවක් දීමෙන් අනතුරුව සේවයෙහි ස්ථීර කරනු ලැබේ. සේවා නියුක්තිකයන්ට ස්වකීය පවුල් දිවියෙන් දුරස්ථ වීමක් සිදු නොවන පිරිදි පදිංචි පෙදෙස් වලට නුදුරෙන්ම පිහිටි සේවා ස්ථානයන්හි රාජකාරී පවරනු ඇත. ඔවුන්ගේ සතුටුදායක සේවය හා විනය මෙන්ම, ඉහළ කාර්යසාධනය ද සැලකිල්ලට ගනිමින් පසුව විදෙස් රැකියා සඳහා යොමු කිරීමට සැලසුම් කර තිබේ.

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img