31 C
Negombo
31 C
Negombo

වී කිලෝවකට රුපියල් 50 ක අවම සහතිකමිලක්

-

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් යුත් (තෙතමනය පිළිබඳ නිරිනායකයට යටත්ව) වී කිලෝවක් සඳහා රුපියල් 50/= අවම සහතික මිලක් නියම කෙරේ.

තෙතමනය සහිත වී කිලෝවක අවම මිල රුපියල් 45/= කි. වී මිල ස්ථාවරව පවත්වාගෙන යාමේ සහ සාධාරණ මිලකට ගොවීන්ලෙන් වී මිලදී ගැනීම සඳහා රජය මැදිහත් විය යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කොට ඇති අතර ඒ අනුව ඉහත සඳහන් මිල ගණන්වලට වී අලෙවි මණ්ඩලය මිලට ගන්නා ලෙස රජය දැනුම් දී ඇත.

2019/20 මහ කන්නයේ අස්වැන්න නෙළීම මේ වන විට ආරම්භ වී ඇති අතර එයින් මෙට්රික් ටොන් මිලියන 30ක අස්වැන්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වී මිලදී ගැනීම සඳහා පෞද්ගලික අංශයේ වී මෝල් හිමියන් පෙළඹවීම සඳහා ඔවුන්ට 8% ක පොලී අනුපාතිකයක් යටතේ රුපියල් බිලියන 100ක පමණ ඔඩපන (Overdraft) රජය හා පෞද්ගලික බැංකු හරහා නිකුත් කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

ප්‍රධාන සහල් නිෂ්පාදන දිස්ත්‍රික්ක වන පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, වව්නියාව, අම්පාර, මඩකලපුව, මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන මෙහෙයවීමේ වගකීම රාජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකු වෙත පැවරීමද සිදු කෙරේ.

මිලදී ගනු ලබන වී තොග ගබඩා කිරීම සඳහා ආහාර කොමසාරිස්වරයා සතු ගබඩා වී අලෙවි මණ්ඩලයට හා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත වහාම පවරා දීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කොට තිබේ

කැබිනට් තීරණ පහත දිගුවෙන්

.Cabinet Decision (S)on 22.01.2020

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.