ජනතාව පීඩාවට පත්කරන විරෝධතාවලින් වැළකී රැකියා සම්පාදන ක්‍රියාදාමයට සහය වන්නැයි රජයෙන් ඉල්ලීමක්

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු අනුව උපාධියට සරිලන රැකියාවක් ලබාදීම රජයේ අරමුණයි. පොරොන්දු වූ පරිදි පනස් තුන්දහසකට ආසන්න සියලු උපාධිධාරින්ට රැකියා ලබාදිම මාර්තු 01 වනදා  ඇරඹේ.

විවිධ රාජ්‍ය ආයතනවල තාවකාලික, අනියම් සහ කොන්ත්‍රාත් පදනමෙන් සේවයේ නියුතු දින 180 සම්පූර්ණ කළ පිරිසගේ රැකියා සුරක්ෂිතතාව සහ ස්ථීරභාවය පිළිබඳව ද රජයේ අවධානය යොමුව තිබේ. අදාළ ආයතන සමග සාකච්ඡා කර  සූදුසුකම් ඇති සියලුදෙනා ස්ථීර සේවයේ පිහිටුවනු ලැබේ. විශ්ව විද්‍යාලෙ සහ වෙනත් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන  සිසුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද ගතවූ දෙමස තුළ පුළුල්ව අධ්‍යයනය කරනු ලැබීය.

එකී ගැටලුවලට කඩිනමින් හොඳම  විසඳුමක් දීම  රජයේ අපේක්ෂාවයි. උද්ඝෝෂණකරුවන්ට ජනාධිපති කාර්යාලය අභියසට පැමිණ විරෝධය පළ කිරීමට පූර්ණ නිදහස ලබාදී ඇත. මෙය ඉතිහාසයේ  කිසිදු රජයක් නොගත් තීරණයකි.‍

ගැටලු විසඳා උද්ඝෝෂණ සහ විරෝධතා ඇතිවීමට මුල්වන සාධක ඉවත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තියයි. ජනාධිපති කාර්යාලයේ නිලධාරිහූ උද්ඝෝෂණකරුවන්ට ඇහුම්කන්දීමට විශාල කාලයක් වැය කරති. විරෝධතා දක්වන කණ්ඩායම්වල ඉල්ලීම් බොහෝ සෙයින් සමානය. අද පමණක් (29) කණ්ඩායම් 06 ක් ජනාධිපති කාර්යාලය අභියසට පැමිණ උද්ඝෝෂණය කළහ.  මේ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට නිලධාරින්ට විශාල කාලයක් වැය වේ. මෙහි ප්‍රතිඵලය ඔවුන් වෙනුවෙන් රජය ඉටුකිරීමට අපේක්ෂා කරන වැඩසටහනට වෙන්කළ කාලය  දිනෙන් දින අපතේ යාමය. විරෝධතා නිසා ඇතිවන මාර්ග අවහිරතා ජනතාවට මහත් පීඩාවකි.  විරෝධතාකරුවන්ගේ ද කාලය, ශ්‍රමය සහ මුදල් අනවශ්‍ය ලෙස අපතේ යයි. මේ යතාර්ථය තේරුම්ගෙන රජයේ වැඩපිළිවෙළ පිළිබඳව විශ්වාසය තබා එය සාර්ථක කර ගැනීමට සහාය වන්නැයි සියලු උද්ඝෝෂණ කණ්ඩායම්වලින් රජය ඉල්ලා සිටි

PMDNEWS

Hot this week

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

Topics

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img