30 C
Negombo
30 C
Negombo

මිගමුව රෝහලේ කොරෝනා වාට්ටුවේ අවම පහසුකම්වත් නෑ ?

-

කොරෝනා වෛරස අසාධිතයන් ලෙස සැකසහිත  රෝගීන් ඇතුලත්කර ගැනීම සදහා මිගමුව දිස්ත්‍රික් මහරෝහල සුදානම කරඇති රෝහල්  වාට්ටුවේ මෙවැනි රෝගියෙකු ඇතුලත් කිරිමසදහා අවශ්‍ය අවම පහසුකම්වත් නැතිබව අපගේ රෝහල් ආරංචිමාර්ග පවසයි.

මිගමුව රෝහලේ පාලනාධිකාරිය විසින් මේසදහා තෝරාගෙන ඇත්තේ මනෝවෛද්‍ය ඒකකයේ නේවාසික රෝගීන්ගේ ප්‍රතිකාර සදහා වෙන්කර තිබු රෝහල් වාට්ටුවයි. මෙම ගොඩනැගිල්ල  මාතෘ සහ අක්‍ෂි වාට්ටුවලට මැදිව පිහිටා ඇති අතර එය සම්පුර්ණයෙන්ම ආවරණය වී නැත.

මෙවැනි රෝගීන් අනෙක් රෝගීන්ගෙන් වෙන්කර තබාගෙන ප්‍රතිකාර කලයුතු  නමුත් මෙම වාට්ටුවේ එලෙස රෝගීන් වෙන්කර තබාගැනීම සදහා කාමර පහසුකම් නොමැති අතර භාවිතා කිරීමට ඇත්තේද පොදු නානකාමර සහ වැසිකිලි පද්දතියකි.

එම ඒකකයේ සේවයකරන රෝහල් කාර්යමණ්ඩලයට අවශ්‍ය ආරක්‍ෂිත ඇදුම් හා උපකරණ ප්‍රමාණවත් තරම් තිබෙන බවද දැනගන්නට ඇත.

විදේශිකයන්ද  ඇතුලත් කරගැනීමට සිදුවියහැකි අවදානමක් ද තිබියදී මෙවැනි වාට්ටුවක් තෝරාගැනීම කොතරම් දුරට ගැලපේදැයි සොයාබැලීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමකි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.