චීනයේ වුහාන් හි රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිස ආරක්ෂකාරීව මව් රටට රැගෙන ඒම රාජ්‍ය තාන්ත්‍රිකව ශ්‍රී ලංකාව ලබාගත් සුවිශේෂී ජයග්‍රහනයක්

ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල ජයග්‍රහනයක් ලෙස අද (01) උදෑසන චීනයේ වුහාන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට ශ්‍රි ලංකා රජය සමත්විය.

කොරෝරෝනා වෛරසය හේතුවෙන් චීනයේ වුහාන් නගරයේ ශ්‍රි ලාංකික සිසුන් පිරිසක් කොටු වී සිටි අතර ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට අවශ්‍ය සියලු පියවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය සෘජුව මැදිහත් වී කටයුතු කර අතර චීනයේ සියලු තානපති අංශ ද මේ සඳහා ක්‍රියාකාරී ලෙස මැදිහත් විය.

චීන රජය මේ අවස්ථාවේ දී රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කරමින් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට සුබවදී ප්‍රතිචාරයක් දැක්වීම ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සමීප මෙන් ම විශ්වාසදායක විදේශ ප්‍රතිපත්තිය මනාව පිළිබිඹු කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාව කළ ඉල්ලීම පිළිගත් චීන රජය මෙතෙක් වුහාන් නගරයේ රැදීසිටි ශ්‍රී ලාංකික සිසුන් ඉතාමත් ආරක්ෂාකාරී ලෙස ශ්‍රී ලංකාව වෙත පිටත් කර එවීමට පියවර ගත්තේ ය. ඒ අනුව රාජ්‍යතාන්ත්‍රික සමබඳා ඔස්සේ ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් මෙවන් තීරණාත්මක අවස්ථාවක චීනයේ රැදී සිටින විදේශීය වැසියන් පිටත් කර එවීමට අවසරය ලබදුන් සිව්වැනි රට බවට ශ්‍රී ලංකාව පත් විය. එය රටක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් ලබාගත් සුවිශේෂී වූ ජයග්‍රහනයකි.

චීනයේ වූහාන් ප්‍රාන්තයේ අධ්‍යාපන කටයුතු වල නිරතව සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කොට ඔවුන් ආරක්ෂා කාරීව ශ්‍රීලංකාවට එවීමට පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපති චෙං ෂුවාන් මහතා ඊයේ (31) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ දී ද ප්‍රකාශ කර තිබේ.

news.lk

Hot this week

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

Topics

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img