Tuesday, October 27, 2026
24 C
Negombo

කල් ඉකුත්වූ බේකරි අමුද්‍රව්‍යවලට අලුත් දින ඇලවූ වත්තල ගබඩාවක් වටලයි

අත්අඩංගුවට ගත් අමුද්‍රව්‍ය වල වටිනාමක රුපියල් කෝටි 1 1/2 ට අධික බව එම අධිකාරිය පැවසීය.

මෙම ස්ථානය වටලන අවස්ථාවේ  එහි සේවකයන් පිරිසක් කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය වල ලේබල් ඉවත් කර ඒවා සඳහා  නව ලේබල්  අලවමින් සිටි බවද  පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම ස්ථානය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු තොරතුරක් මත ගම්පහ දිස්ත්‍රික්  පාරිභෝගික කටයුතු  අධිකාරි   ඒකකය හා විශේෂ කාර්ය බලකාය එක්ව අද (02) මෙම වැටලීම සිදුකර තිබිණි.

මෙම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගත්  කස්ටඩ් පවුඩර්,   පාන් සෑදීමට ගන්නා   වෝල් කොර්න්,   මෆින් මික්ස්,  ප්‍රේස්ට්‍ර් සඳහා භාවිතා කරන  බටර් වර්ග,  සමෝසා සෑදීමට ගන්නා  පිටිවලින්  සෑදු ෂීට්,  කේක් සැරසිලි  අමුද්‍රව්‍ය, වැනිලා,  ඇපල් බීම,   වර්ග  තිබූ බවත් මේවා 2019.5.13 දින හා 2019.12.06   කාලය අතර කල් ඉකුත් වූ ඒවා බවද පාරිභෝගිය අධිකාරි පවසයි.

මෙම  ප්‍රධාන පෙළේ ආයතනය ආහාර  නිෂ්පාදන  සහ අවන්හල් ජාලයක් පවත්වාගෙන  යාමට අමතරව  බේකරි නිෂ්පාදන  සහ කේක්  අමුද්‍රව්‍ය  ඇමරිකාව,  ඩුබායි,   ජර්මනිය,  යන රටවල්  වලින් ආනයනය කර  වෙළෙඳ පොළට හා සංචාරක හෝටල් වලට සැයපීම සිදුකරන බවට විමර්ශණයේ දී හෙළි වු බවද  පාරිභෝගිය අධිකාරිය සඳහන් කරයි.

අදාල සමාගමට එරෙහිව ඉදිරි සතියේ නඩු පැවරීමට නියමිතව ඇති අතර  එම කල් ඉකුත් වූ භාණ්ඩ සහිත  ගබඩාවට  මුද්‍රා තබා  එයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

lankadeepa

Hot this week

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

Topics

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img