බුරුපොලක සිදුවූ බහින් බස්වීමක් වීමක් දුරදිග ගොස් කටාන ඇත්ගාලේදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර කොටදෙනියාව ප්‍රදේශයේ සැගවිසිටි දී මිගමුව කොට්ටාශයේ අපරාධ විමර්ශන අංශයේ වන්නි නායක නිලධාරියාට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවටගත් දෙමස්සිනෝ දෙදෙනා පෙබරවාරි මස 17 දිනදක්වා රක්‍ෂිත බනධනාගාර ගතකරනලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් චරිත ඩි ජයනාත් මහතා නියෝග කළේය.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගතකලේ බටපත්තල සිල්වරින් පාක්හි පදිංචිකරුවෙක් බවකියන මදුරන්ද පෙරේරා 38 ඇත්ගාල ජනපද මාවතේ පදිංචි බවකියන රොෂාන් ප්‍රනාන්දු 31 නමැත්තන්ය.
පොලිසිය සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව මුදල් ඔට්ටුවට බුරුවා ගැසීමට ගොස් අතේ තිබු මුදල් පැරදවීම නිසා කරනවෑමීයෙක්වන ඝාතනය වූ තැනැත්තා විසින් ඔහුගේ යතුරු පැදිය රුපියල් 15000 කට උකස්කර මුදල් ලබාගෙන ඇතිබවත් උකස බේරාගැනීමට ගිය අවස්ථාවේ ඒසදහා රුපියල් 50000 ක් උකස්ගත් පුද්ගලයා ඉලිල්ම නිසා ඇතිවූ බහින්බස් වීමක් දුරදිගගොස් මෙම ඝාතනය සිදුවී ඇත.
මෙම අත්අඩංගුව ගැනීම පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් පරිදිකොට්ටාශය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා සහ විමර්ශන කටයුතු සදහා පොලිස් සැරයන් 52609 ජයතිලක පොලිස් කොස්තාපල්වරුන්වන 60490 සෙනවිරත්න 61836 ඉන්දික 37928 වන්නිනායක 82442 පෙරේරා 88441 හපුවිට 82756 ගයාන් 36449 මඩවල යන නිලධාරීන් විසින් සිදුකල අතර කොචිචිකඩේ පොලිසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරපත්කළේය..