නීතියට පිටින් වැඩ බෑ ඇමතිවරු සහ චන්ඩි ඉදිරියේ කොන්ද නොනැමූ වනසංරක්ෂණ නෝනා

ඔක්සිජන් අවශ්‍ය නැතැයි කියන පිරිසක ඉල්ලීම ඉටුකරනවාද විද්‍යාත්මක තීන්දුවක් ගනවාදැයි තීරණය කරනලෙස ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව  ගම්පහ දිසා වන සංරක්ෂණ නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය පවසයි.

දිසා වන සංරක්ෂණ නිලධාරිනිය  මෙම අදහස් පලකලේ මිගමුව ධිවර වරයා ශ්‍රවණාගාරයේ ධිවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් 10 දින පැවති මිගමුව කලපුව සංවර්ධනය කිරීම පිලිබදව පැවති සාකච්ඡාවේදීය.

වදවියන කඩොලාන පරිසරයක පිහිටි කල්පුබිම් කොටසක් ගොඩකර ක්‍රීඩා පිටියක් සකස් කරගැනීමට ඉඩදිය නොහැකිබවත් මිනිසාට ජීවත්වීමට අවශ්‍ය ඔක්සිජන් ලබාදීමත් කාබන්ඩයොක්සයිඩ් උරගැනීමත් සිදුකරන්නේ ගස්වැල් බව දිසා වන සංරක්ෂණ නිලධාරිනිය කරුණු දැක්විය.

මෙම අවස්ථාවේ   ඔක්සිජන් අවශ්‍ය නැහැ අපට අපට අවශ්‍ය ක්‍රීඩා පිටියක් යයි  තර්ක කල ප්‍රදේශ වාසීන් පිරිසකගේ ඉල්ලීම සලකා බලන්නයි අමාත්‍ය වරයා කල යෝජනාවට පිළිතුරු දෙමින් දිසා වන නිලධාරිනිය පැවසුවේ ඔක්සිජන් අවශ්‍ය නැතැයි කියන පිරිසක ඉල්ලීම ඉටුකරනවාද විද්‍යාත්මක තීන්දුවක් ගනවාදැයි තීරණය කලයුතු බවත් තමන් නීතියට පිටින් කිසිවක් නොකරන බවත්ය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ    වන සංරක්ෂණ නිලධාරිනිය ලංකාවේ අඩුම වනගහනය ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ බවත් එය   භූමියෙන්  1 % ක්පමණ වන බවත් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ඉඩම් කච්චේරි පවත්වමින් බෙදා දෙන බවද පැවසූ ව්නනිලධරිනිය  ගම්පහ දිසා දරවලින් ක්‍රියාත්මක බොයිලේරු 52 ක් ඇතිබවත් එක බොයිලේරුවක් සදහා දිනකට දැවටොන් 40 ක් භාවිතා කරනබවත් ඒවායින් පිටවන කාබන්ඩයොක්සයිඩ් උරාගැනීම සදහා අවශ්‍ය ගස් ප්‍රමාණය තිබෙනේ කොහේදැයි ඔක්සිජන්  අවශ්‍ය නෑ කඩොලාන කපාදැමිය යුතුයයි ප්‍රකාස කල අයගෙන් දැනගැනීමට කැමති බවද පැවසිය.

Hot this week

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

Topics

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img