31 C
Negombo
31 C
Negombo

බීමතින් මොන්ටෙරෝවකින් පැමිණ මිගමුව රථවාහන පොලිසියේ නිලධාරියෙකු ඇතුළු 5 ක් යටකරයි

-

බිමත්ව අන්ත්රාදයකව සහ නොසැලකිල්ලෙන්  රියපදවා  රාජකාරියේ යෙදීසිටි මිගමුව පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්75497  දේශප්‍රිය මහතාට බරපතල තුවාල  සහ වයස අවුරුදු 6 ක දරුවෙකු ඇතුළු තවත් තිදෙනෙකුට තුවාල  සිදුකල ව්‍යාපාරිකයෙකු මාර්තු  මස 06 දින   දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව අතිරේක මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය  නියෝග කළේය

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ කටුනේරිය බෑන්ඩ් කඩ හන්දියේ පදිංචිකරුවෙකු බවකියන  වර්ණකුලසූරිය මයුර මිත්තක රුද්‍රිගු නමැති 21 වියැති ව්‍යාපාරිකයෙකි.

බරපතල තුවාල ලැබ කොලබ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන  පොලිස් කොස්තාපල්75497  දේශප්‍රිය මහතා සහ තවත් නිලධාරියෙකු ගල්කන්ද හන්දියේ රාජකාරි කරමින් සිට ඇති අතර කොළබ දෙසසිට හලාවත දෙසට ගමන්කළ මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථය පොලිස් නිලධාරීන් විසින් බලපත්‍ර පරීක්‍ෂාකරමින් සිටි යතුරු පැදියද එහි පැමිණි වයස අවුරුදු 6 ක දරුවා සහඔහුගේ දෙමවුපියන් සහ පොලිස් නිලධාරියාගේද හප්පා වැට කනුවක්ද කඩාගෙන ගොස් ඇතිබව මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මිගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ජයන්ත පතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකල අතර රථවාහන අංශයේ නඩුකටයුතු මෙහෙවන නිලධාරී  පොලිස් සැරයන් එම එල් තිලකරත්න (41380 )මහතා පැමිණිල්ල මෙහෙයවිය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.