තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම 16 දින අවසන්

-

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාල සීමාව 2020 මාර්තු මස 16 දිනෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය කිසිදු හේතුවක් නිසා දීර්ඝ නොකරන බව ද තැපැල් ඡන්දය දීම සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ඇති ඡන්ද හිමියන් වහාම තම අයදුම්පත නියමිත පරිදි සම්පූර්ණ කර අදාළ සහතික කිරිමේ නිලධාරී වෙත භාර දිය යුතු බවත් එම අයදුම්පත් සහතික කොට ආදාළ මැතිවරණ කොට්ඨාසයේ තේරීම්භාර නිලධාරී වෙත 2020 මාර්තු 16 හෝ එදිනට පෙර යැවීමට කටයුතු කරන ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මාර්තු 16 දිනෙන් පසුව ලැබෙන තැපැල් ඡන්ද අයදුම්පත් පිළිගැනීමට හැකියාවක් නොමැති බවත් එම අයදුම්පත් ප්‍රමාද අයදුම්පත් වශයෙන් සලකා ප්‍රතික්ෂේම කිරීමට සිදුවන බවත් එම නිවේදනයේ සඳහන් වේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here