නිරෝධායන කටයුතු වෙනුවෙන් ගාස්තු අය නොකෙරේ

ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ගේ නිරෝධායන කටයුතු වෙනුවෙන් කිසිදු ගාස්තු අයකිරීමක් සිදු නොකරන බව රජය තහවුරු කරයි.

නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත පරිදිවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය

දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන මගීන් නිරෝධයනය කිරිමේ වැඩපිලිවෙල දකුණු කොරියාවේ සිට අද (10) පැමිණි ගුවන් මගීන්ගෙන් ආරම්භ කරනු ලැබීය. ඒ අනුව ගුවන්තොටුපලට පැමිණෙන මගීන් විෂබීජහරනයට ලක්කර බස් රථ මගින් කන්දකාලු සහ පූනායි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබීය.

මෙම පිරිසට අවශ්‍ය සුළු වෛද්‍ය පහසුකම් එම පරිශ්‍රයේදීත්, අනෙකුත් වෛද්‍ය පහසුකම් අවශ්‍ය වෙතොත් ඒවා රෝහල්වලින් ලබා දීමටත් කටයුතු කරන අතර දින 14 ක නිරෝධායන ක්‍රියාවලියකින් පසු ඔවුන් මෙම නිරෝධායන මධ්‍යස්ථානවලින් නිදහස් කිරීමටත් පියවර ගෙන ඇත.

මේ දක්වා සිදුකළ පරිදි අනෙකුත් රටවලින් පැමිණෙන මගීන් දින 14 ක පසුවිපරම තවදුරටත් ක්‍රියාතමකව පවතී. මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ 3900 ක පමණ පිරිසක් පසු විපරමට ලක් වෙමින් පවතී.

එමෙන්ම විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි අයගෙන් දින 14 ක් යනතුරු විවධ උත්සව හා සංචාර සඳහා නොගොස් නිවසේ රැඳී සිටින ලෙස ඉල්ලීමක්ද කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ක්‍රියාතමක කර ඇති වැඩපිළිවෙල

රට තුළට ඇතුළුවන සියළුම මගීන්ගේ ශරීර උෂ්ණත්වය තර්මල් ස්කෑන් යන්ත්‍රය මගින් පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇත. එහිදී සෑම මගියෙක්ම මෙම තර්මල් ස්කෑන් යන්ත්‍රය හරහා ගමන් කරවීම මගින් මෙම පරීක්ෂාව සිදු කෙරෙන අතර දැනට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මෙම ස්කෑන් යන්ත්‍ර 03 ක් සවිකර ඇත.

මීට අමතරව ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම ගුවන් මගීන්ට දත්ත පත්‍රිකාවක් ලබා දීම මගින් තොරතුරු ලබා ගැනීමක් සිදු කෙරේ. එහිදී විශේෂයෙන්ම පසුගිය දින 14 තුළ මෙම මගීන් ගමන් ගත් රටවල් පිළිබඳ තොරතුරු සහ අදාළ මගියා පැමිණි රට පිළිබඳව තොරතුරු ලබා ගැනීමට පියවර ගෙන ඇත.

මෙහිදී විශේෂයෙන්ම චීනය, දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය වැනි දැනට කොරෝනා රෝගය පැතිර යන රටවල් පිළිබඳව තොරතුරු ලබා ගෙන එම තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයට ලබා දීමට පියවර ගෙන ඇත. එම තොරතුරු අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය දැනුවත් කෙරේ. අනතුරුව අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම මගීන්ගේ නිවෙස්වලට යාම මගින් ඔවුන්ගේ නිවෙස්වලදී දින 14 ක් තුළ ඔවුන්ව පරීක්ෂාවට ලක් කෙරේ. එහිදී රෝග ලක්ෂණ තිබේද යන්න පිළිබඳව දැඩි පසුවිපරමක් සිදු කරනු ලබන අතර රෝග ලක්ෂණ මතුවුව හොත් ඔවුන් රෝහල් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ගුවන්තොටුපලේ වෛද්‍ය නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සේවයේ යොදවා ඇති අතර මගීන් පැමිණෙන දිනයේදීම මෙම තොරතුරු ලබා ගැනීමට පියවර ගෙන ඇත.

මීට අමතරව සිංහල,දෙමළ, ඉංග්‍රීසි සහ චීන බසින් විශේෂයෙන්ම ගුවන් මගීන් සඳහා විශේෂයෙන් සකස් කරන ලද තොරතුරු ලබා ගැනීමක් ද සිදු කෙරේ.

නව කොරෝනා වෛරසය (COVID – 19) පැතිරයාම වැළැක්වීම සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳව අද (10) දින බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (නිරෝධයනවෛද්‍ය එස්.එම්.ආනල්ඩ් මහතා විසින් කරන ලද පැහැදිළි කිරීම ඇසුරෙනි)

අධ්‍යාපන අමාත්‍යාංශය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ඉතාලිය, දකුණු කොරියාව, චීනය ඇතුළු නව කෙරෝනා වෛරසය   (COVID – 19) සීඝ්‍රයෙන් පැතිර යන රටවල සිට පැමිණෙන ශ්‍රි ලාංකිකයින් පිළිබඳව යොමු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට දන්වා යවා ඇත.

ඒ අනුව නව කොරෝනා වෛරසය (COVID – 19) පැතිර යන විදේස් රටවල සිට පැමිණෙන පාසල් දරුවන්, ඔවුන්ගේ දෙමව්පියන් සහ ඥාතීන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස හා ඔවුන් දින 14 ක නිරෝධායන කාර්ය සඳහා යොමු වී ඇත්ද යන්න පිළිබඳව සොයා බලන ලෙස පළාත් සහ අධ්‍යාපන කලාපයේ සියලු පරිවේණාධිපති ස්වාමීන් වහන්සේලා සහ පාසල් ප්‍රධානීන් දැනුවත් කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා විසින් සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ කලාප අධ්‍යක්ෂවරුන් වෙත චක්‍රලේඛයක් මගින් දන්වා යැවීමට පියවර ගෙන ඇත.

තවද සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම රෝගය පැතිර යෑම වැළැක්විමට පියවර ගත යුතු ආකාරය පිළිබඳව සිසුන්, දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පාසල් ප්‍රජාව දැනුවත් කරන ලෙස එම චක්‍රලේඛය මගින් වැඩි දුරටත් දන්වා යවා ඇත.

බුද්ධ ශාසන අමාත්‍යාංශය

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සමඟ කරන ලද සාකච්ඡාවකින් අනතුරුව සිංහල/ බෞද්ධ, සිංහල/හින්දු සහ කතෝලික බැතිමතුන්ගේ දඹදිව වන්දනා ගමන් අත්හිටුවා ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පවසයි.

හමුදා මාධ්‍ය ප්‍රකාශක

අද (10) දින ශ්‍රී ලංකාවට පැමිණි මගීන්ගෙන් 37 ක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට සහ 131 ක් පූනායී නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගනු ලැබූ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසයි.

 නාලක කලුවැව
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

 

 

 

Hot this week

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img