31 C
Negombo
31 C
Negombo

හෙටත් ගිගුරුම් සහිත වැසි අකුණු අනතුරුවලින් ප්‍රවේසම් වන්න

-

කාලගුණ දෙපාර්තමේන්තුව විසින් අද මධ්‍යහන 12.00 ට නිකුත්කර ඇති කාලගුණ අනාවැකියට අනුව අද සහ හෙට   බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 වැඩි තරමක් තද වැසි ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.