කොවිඩ් ආසාදිතයන් 101 න් 44 ක් බස්නාහිර පළාතෙන්

-

අද හදුනාගත් ආසාදිතයන් 4 දෙනා සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 101 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත

එම හතරදෙනාගෙන් තිදෙනෙකු ඉතාලියේ සිට පැමිණ ඇති අතර අනෙක් පුද්ගලයා ඇමෙරිකා එක්සත්ජනපදයේ සිට පැමිණි පුද්ගලයෙකි.

දැනට හදුනාගෙන ඇති ආසාදිතයන් 101 දෙනා අතුරුන් 44 දෙනෙකු වාර්තාවී ඇත්තේ බස්නාහිර පලාතෙන් බැවින්  අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කල බවද අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here