කොරෝනා වෛරසය ව්‍යප්තිය සමඟ මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් 175 දෙනෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලිහිල් ඇප කොන්දේසි මත මුදාහැරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව රැදවියන් 51 දෙනෙකු 28 දින මීගමුව බන්ධනාගාර අධිකාරී ආර්.ඩබ්ලිව්.යූ.ඩී.ඒ. සම්පායෝ මහතාගේ අධීක්ෂණය යටතේ නිදහස් විය.
එලෙස මුදාහැරුණු රැදවියන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන නිසා අදාල පොලිස් ස්ථානයන් වෙත භාරදී ඔවුන්ට නිවෙස් බලා යාමට අවස්ථාව ද මීගමුව බන්ධනාගාර අධිකාරීවරයා විසින් සලසා තිබේ.





