මාළු නැතිව ලෙල්ලම පාලුවෙයි – විශ්‍රාම වැටුප් ඖෂධ ගන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නගරයට

-

රජයවිසින් කරනලද දැනුම්දීමට අනුව මිගමුව සහ අවට පිහිටි ඖෂධ අලවිසැල් උදෑසන සිට විවෘතව පැවතුනු අතර ඒවායේ එතරම් දිගු පෝලිම දක්නට ලැබුනේ නැහැ.

රජයේ සහ පෞද්ගලික බැංකු විවෘතව තිබු අතර විශ්‍රාම වැටුප් ලබාගැනීමට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පැමිණ තිබුණි.

පොලිසිය විසින් නගරයේ තැනින් තැන මාර්ග බාධක යොදා ගමන්කරන රථවාහන පරික්ෂාවට ලක්කරනු දක්නට ලැබුණි.

අද මිගමුව කොටුව පිට්ටේනිය අසල මත්ෂ්‍ය වෙළද පොළ සම්පුර්ණයෙන්ම වසා දමා තිබුනි.

එම වෙළදපොළට මසුන් රැගෙන එන ධීවරයන් මුහුදු ගොස් නැතිනිසා  මසුන් අලෙවිසැල වසා දමා ඇතිබවත්  මත්ෂ්‍ය වෙළද පොලට විශාල වශයෙන් ජනතාව එක්රැස්වීම  කොරෝනා වෛරසය පාලනයට බාදාවක් වියහැකි නිසා   දින තුනක් මසුන් ඇල්ලීම සදහා නොයාමට  ධිවර සමිති තීරණයක් ගෙන ඇතිබව  දැනගන්නට ලැබුණි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here