ශක්තිමත් දේශිය කර්මාන්ත ආරම්භ කිරීම අරමුණු කරගනිමින් අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සෙසු අත්‍යවශ්‍ය නොවෙන භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සහ සීමා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (02) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.





