කොරෝනා ආසාදිතයින් ගණන 162ක් වෙයි

-

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් තිදෙනෙකු හදුනාගෙන ඇති අතර ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 162 ක් දක්වා ඉහළ යයි

මේ අතර ඊයේ දිනයේ තහවුරු වූ ආසාදිතයින් 8 දෙනා සහ අද දිනයේ මේ දක්වා  තහවුරු වූ ආසාදිතයින් තිදෙනා හදුනාගත් ප්‍රදේශ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සිදුකල පැහැදිලි කිරීම අනුව

මෙම ආසාදිතයින්ගෙන් තිදෙනෙකු යාපනය නිරෝධායන මධ්‍යස්ථානයේදී හදුනාගෙන ඇති අතර අමෙරිකාවේ සහ දකුණු කොරියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද මෙම ආසාදිතයින් අතරට අයත් වෙයි.

පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු ද ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති අතර හලාවත ප්‍රදේශයෙන් තවත් ආසාදිතයෙකු හදුනාගත් බව අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

එමෙන්ම විදේශිකයින් සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයෙකු සහ කළුතර දිස්ත්‍රික්කයේ වසා දමා ඇති ප්‍රදේශයෙන් හදුනාගත් ගැබිණි කාන්තාවක් ද ඊයේ සහ අද  දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර වන බව සඳහන්ය.

මීට අමතරව අකුරණ ප්‍රදේශයෙන් පසුගියදා හදුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් දෙදෙනෙකු ද මෙම පිරිස අතරට අයත් වන බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here