මීගමුවේ ස්වාධින කණඩායම් මාලිමාවට

වත්මන් නගරාධිපති තුමාසමග මිගමුව නගරය සංවර්ධනය කිරීමේ කටයුතු සදහා කොන්දේසි විරහිතව අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව ස්වාධින කණ්ඩායම් වලින්  මෙන්ම සමගි ජනබලවේගය ඇතුළු දේශපාලන පක්ෂවලින් මිගමුව නගර සභාවට  තේරී පත්වූ සභිකයන් පවසතිඔවුන් මෙම අදහස් පලකලේ මිගමුව මහානගර සභාවේ මංගල මහාසභා රැස්වීමේදී නගරාධිපති නිතිඥ රොබට් හීන්කෙන්ද මහතා (ජාතික ජනබල වේගය )විසින් සභාව ඇමතීමෙන් පසු අදහස් පළකරමිනි.

නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් මිගමුව මහානගර සභාවේ රැස්වීම ශාලාවේදී නමවන සදුදා දින පෙරවරු 10.00 ට  මහාසභා රැස්වීම ආරම්භ විය.

මෙහිදී සභාව ඇමතු නගරාධිපති වරයා  මීගමුවේ ජනතාව  මේ සභාවට අපව පත්කර ඒවා ඇත්තේ දහසක් බලාපොරිත්තු ඇතිවයි එම ජනතා බලාපොරොත්තු මල්පලගැන්විම අප  සියලුදෙනාගේ වගකීමක් අප අතර දේශපාලන මත ප්‍රතිපත්ති පිලිබදව  වෙනස්කම් තිබින්නට පුළුවන් ජනතාවට සේවය කිරීම සදහා ඒවා බාධාවක් කර ගතයුතු නැහැ.

මිගමුව නගරය ලංකාවේ වඩාත්ම සුන්දර නගරයක් ආකර්ශනීයම සංචාරක ගමනාන්තයක් කිරීම සදහා මෙම සභාවට තේරීපත්ව සිටින සියලු  මන්ත්‍රී වරුන්ගේ මන්ත්‍රී වරියන්ගේ සහයෝගය ධනාත්මක යෝජනා  අපේක්ෂා කරනවා.

අපිහදන්න සැලසුම් කරන්නේ අලුත් නගරයක් අලුත් සමාජයක් මේනගරයේ ජනතාවගෙන් ජිවිත කාලය පුරාම දුක්විදින පිරිසක් සිටිනවා ඔවුන් ගේ ජිවිත සුඛිත මුදිත කිරීම සදහා අපට කළහැකි සියලු මැදිහත්වීම් කලයුතුයි. නගරයේ අලංකාරය මෙන්ම මෙහි ජිවත්වන ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ඇතුළු යටිතල පහසුකම් දියුණු කලයුතුයි.

මෙහිදී තවදුරටත් අදහස් පලකල නගරාධිපති  නිතිඥ රොබට් හීන්කෙන්දමහතා අපි වැඩකරන්නේ ජනතාවගේ දේපල සහ මුදල් සමග ඒවා කිසිදු ආකාරයකින් අවභාවිතා නොවිය යුතුයි යම්දුෂණයක් වංචාවක් අකටයුතුකමක් වාර්තා වුනොත් ඒවා වැළැක්වීමට කටයුතුකිරිම අප  සියලු දෙනාගේම වගකීමක්.බවද පැවසිය.

 

නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු(ජාතික ජනබල වේගය )

මිගමුව විශාල වශයෙන් භෞතික සම්පත් මෙන්ම මානව සම්පතකින් පිරුණු නගරයක් අදවන විට මිගමුව නගරය මත්උවදුරට බිලිවී තිබෙනවා මිපුරය අද මදුරු පුරයක් බවට පත්වෙලා ජනතාව අපබලයට පත්කළේ පැවති තත්වය වෙනස් නගරය සංවර්ධනය කරා රැගෙන යාමටයි ඒ සදහා නියෝජය නගරාධිපතිවරයා වශයෙන් උපරිම ශක්තියෙන් සේවය කරනවා.

නාගරික මන්ත්‍රී ගාමිණී ප්‍රනාන්දු . (ජාතික ජනබල වේගය )

මෙබලය අපට ලැබුනේ ඔපපාතිකව නොවෙයි ජනතාව අපට බලය ලබාදී ඇත්තේ ඔවුන්ගේ අභිලාෂයන් ඉටුකරවා ගැනීමටයි මේ සභාවෙන් ජනතාවට ඉටුවියයුතු සේවා ලබාදීමේදී කල්මරණ තත්වයක් පැවතුනා එම තත්වයන් වෙනස් වියයුතුයි.දවසකින් දෙකකින් කල හැකි වැඩක් සදහා සතිගණන් මසගණන් ගතකරනවනම් එය අපට ලැබුණු ජනවරමට එරෙහිවීමක්.

නාගරික මන්ත්‍රී ඔස්මන්ඩ් ධර්මසේන (.ස්වාධින )

මම කිසිම දේශපාලන පක්ෂයක් කණඩායමක් නියෝජනය නොකරන ස්වාධින මන්ත්‍රීවරයෙක්මිගමුවේ  ජනතාව වෙනුවෙන් සිදුකරන සියලු සංවර්ධන කටයුතුවලදී  නගරාධි පතිතුමාට අවශ්‍ය සහය ලබාදෙනවා.

නාගරික මන්ත්‍රී නුස්කි මොහොමඩ් (සමගි ජනබලවේගය)

කම්මල් තොට ප්‍රදේශයට  විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙනවා මේ ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කලයුතුයි සියලු යහපත් කටයුතු වලදී අප අවශ්‍ය සහයෝගය ලබාදෙනවා ඒ වගේම ජනතා විරෝධී කටයුතු වලදී මේ සභාව තුලදී මෙන්ම පිටතදීත් අවශ්‍ය බලපෑම් කරනවා.

නාගරික මන්ත්‍රී මොහාන් අබේසේකර . (ජාතික ජනබල වේගය )

අදවන විට මිගමුව අසුන්දරම නගරයක් බවට පත්වෙලා සංචාරකයන් කියන්නේ ඩර්ටි බීච් කියල මිපුරය මදුරු පුරයක්වෙලා මේ තත්වය වහාම වෙනස් කල යුතුයි මේ ලැබුණු අවස්ථාව හඩක් නොමති මිනිසුන් වෙනුවෙන් හඩ නගන්න ලැබුණු අවස්ථාවක්

 

නාගරික මන්ත්‍රී සජිත් මොහාන් (.ස්වාධින )

මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් නගරාධිපතිවරු හතර දෙනෙක් සමග සහයෝගයෙන් වැඩකලාඔබතුම පස්වන නගරාධිපති තුමා  ස්වාධීනව ආවත් ජනතාව අපට ජන්දය දුන්නේ අපි ජනතාව වෙනුවෙන් වැඩ කරපු නිසයි.

ඒ ජනතා සේවය අඛණ්ඩව ඉටුකරන්න අවශ්‍ය සහයෝගය අපේක්ෂා කරනවා සියලු යහපත් කටයුතුවලදී අවශ්‍ය සහය ලබා දෙනවා ඒවගේම ජනතාවට අගතියක් සිදුවන්නේනම් ඒසදහා එරෙහි වීමටත් පසුබටව්න්නේ නෑ

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img