මුදා නොගත් ප්‍රදේශයක බංකරයක් බවට පත්කරතිබෙන මිගමුව දුම්රිය ස්ථානය සංචාරක ගමනාන්තයකට ගැලපෙන ලෙස සංවර්ධන කිරීමට කඩිනමින් පියවර ගතයුතු බව දුම්රිය මගීන් පවසති.
දුම්රිය පොළ ඉදිරිපිට රේල් පිලි යොදා ඉදිකළ වැට දුම්රිය ස්ථානයට පහසුවෙන් ඇතුළු වීමට සහ පිටවීමට මෙන්ම අලංකාරයටද බදාවකි.
කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට තිබු බාදක පවා ඉවත්කර ඇති පසුබිමක මිගමුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති මෙම බාදකය ඉවත්නොකර සිටීමට විශේෂ හේතුවක් නොමැත.
දුම්රිය ස්ථානයට අයත් අවට පරිසරය නඩත්තු නොකරන බව දක්නට ලැබෙන අතර මගීන්ගේ ප්‍රයෝජනය සදහා ඇති වැසිකිලි සහ විවේකාගාර පසුකම් ඉතාමත් දුර්වල මට්ටමක පවතී.









