රාජකාරි කටයුතු ආවරණය කිරීම නිසි පරිදි පැවරීමක් නොකර මිගමුව මහා නගර සභාවේ නාගරික කොමසාරිස් විදේශගතවීම නිසා පරිපාලන ගැටළු රැසක් ඇතිවී තිබෙන බව මහා නගර සභාවේ සේවකයෝ පවසති
ප්රවෘත්තියක් පිලිබදව වැඩිදුර කරුණු දැනගැනීමට නාගරික කොමසාරිස් ගේ කාර්යාලයට 24 දින ගිය අවස්ථාවේ එහි සිටි නිලධාරිනියක් පැවසුයේ කොමසාරිස්තුමිය සතිදෙකක කාලයක් පැවත්වෙන වැඩමුළුවකට සහභාගිවීම සදහා ඉන්දියාවට ගොස් ඇතිබව ප්රකාශකලේය.
එම නිලධාරී මහත්මියගෙන් සිදුකල වැඩිදුර කරුණු විමසීමේදී කොමසාරිස්වරිය රටින් බැහැරව සිටින කාලය තුලදී එතුමියගේ රාජකාරි කටයුතු ගණකාධිකාරී විසින් ආවරණය කරනබවද සදහන් කළේය.
කොමසාරිස් තුමියගේ රාජකාරි ආවරණය කිරීමක් හෝ එතුමිය විදේශගතව සිටින කාලයතුල කොමසාරිස් ධුරයේ වැඩ බැලීමක් තමන් විසින් සිදුනොකරනබව මේ පිලිබදව විමසීමක් කල අවස්ථාවේ ගණකාධිකාරි වරයා ප්රකාශ කළේය.





