මිගමුව මහනගර සභාවේ ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක නගරයේ මතුපිට කානු පද්දතිය පිරිසිදු කිරීම මේ දිනවල සිදුකරමින් පවතී
මේ කටයුතු සදහා යොදවා ඇති සේවක මහත්වරුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිලිබදව බලධාරීන් කිසිදු අවදානයක් යොමුකර නැත.
අපිරිසිදු ජලය සහිත කානුපිරිසිදු කරන සේවකයන්ට අත්වැසුම් සහ මඩ සපත්තු ලබාදී නැති බවත්
මෙනිසා මෙම සේවක මහතුන් මි උන වැනි මාරාන්තික රෝගයන් වැළදීමේ අවදානමකට මුහුණ දී ඇතිබව නගර සබාවේ සෞඛ්‍ය කම්කරුවන් පවසති.
කානු වසා ඇති විශාල කොන්ක්‍රීට් ස්ලැබ් එසවීම සදහා ජැක් එකක් හෝ පොක්ලිප්ට් එකක් යෙදවිය යුතු උවත් අලවංගු වැනි ප්‍රථමික උපකරණ භාවිතා කරමින් අවදානම් සහගතව .විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් ස්ලැබ් ඉවත් කිරීමට සහ නැවත කානු වැසීමට සිදුව ඇතිබවද සේවකයෝ පවසති.





