මීගමුවේ අයවැය ජන්දයක් නැතුවම සම්මතයි

මීගමුව මහ නගර සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාව ඡන්ද විමසීමකින් තොරව  සභා සම්මත විය.අයවැය යෝජනාව සදහා නිසිපරිදි ජන්ද විමසීමක්  ඉල්ලා නොසිටීම නිසා  මෙලෙස බෙදීමකින් තොරව අයවැය සම්මත විය .

නිතිඥ . රොබටින්කෙන්ද නගරාධිපතිවරයාගේ  ප්‍රධානත්වයෙන් නගර සභා රැස්වීම් ශාලාවේ අද අද විසි දෙවෙනි දින මහාසභා රැස්වීම පැවැත්විණි

අයවැය යෝජනාව නගරාධිපති වරයා විසින් සභාවට ඉදිරිපත් කල අතර පක්ෂව මෙන්ම විපක්ෂවද අදහස් දැක්වීම් සිදුවිය

නගරාධිපති විසින් පිළිතුරු කතාව සිදුකිරීමෙන් පසු සමගි ජනබල වේගය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු අයවැය යෝජනා සම්බන්ධයෙන් ජන්ද විමසීමක් ඉල්ලා සිටියත් නෛතික කරුණු මත එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය.

ජන්ද විමසීමක්  සඳහා අවශ්‍ය නම් ඒ සඳහා ක්‍රියා කළ යුතු නිත්‍යානුකුල ක්‍රමයක් තිබෙනවා  මන්ත්‍රීවරයෙකුට   යෝජනාවක් සම්බන්දයෙන්  ජන්දයක් අවශ්‍යනම්  කතා කර අසුන් ගැනීමට පෙර බෙදීමක් අවශ්‍ය බව  ප්‍රකාශ කලයුතුයි  කතාකල  කිසිම  මන්ත්‍රීවරයෙකු  බෙදීමක් ඉල්ලා සිටියේ නැහැ  ඒ නිසා පිළිතුරු කතාවෙන් පසු නැවත යෝජනාව පිලිබදව අදහස් පලකිරීමට අවස්ථාවක් ලබාදිය නොහැකි බවද   නගරාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අයවැයට විරුද්ධව ජන්දය ප්‍රකාශ කරනලෙස සමගිජනබලවේගය පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන්ට දන්වා තිබුනත් නවක මන්ත්‍රීවරුන් බෙදීමක් ලබාගන්නා ආකාරය පිලිබදව දැනුවත් කර නොතිබීම නිසා ඔවුන් දැඩි අපහසුතාවයකට මුහුණ දුන් බවත් විපක්ෂය ඒකාබද්ධව කටයුතු නොකිරීම මෙම තත්වයට හේතුවී ඇතිබවත් විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පැවසීය

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img