දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ ජනතාව අතර බෙදාදීම සදහා මිගමුව මහානගර සභාවට බාරදී ඇති පරිත්‍යාග පසුගිය මහා සභාවේදීද ප්රකාශකල පරිදි කොච්චිකඩේ මෙන්ම අනෙකුත් ප්‍රදේශවල ජනතාව වෙත නිසි ක්‍රමවේදයක් සහිතව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සම්බන්ධීකරණය ඇතිව බෙදාහැරීම සදහා කටයුතු කරනබව නගරාධිපති නීතිඥ රොබට් හීන්කෙන්ද පවසයි.
එක්රැස්වූ අධාර බෙදාහැරිම ප්‍රමාදවීම පිලිබදව මෙම ලියුම්කරු සිදුකල විමසීමකට පිළිතුරු දෙමින් තවදුරටත් කරුණු පැහැදිලි කල නගරාධිපතිවරයා . නිලධාරින් සහ මහජන නියෝජිතයන් සමග සිදුකල සාකච්චා වලදී එකගවූ පරිදි වියලි අහාර මලු බෙදා හැරීම සිදුකලා අනකුත් බඩු බාහිරාදිය බෙදාදීම නිවාස පිරිසිදු කිරීම අවසන් වනතුරු කල්දැමීමට කටයුතු කළා.
එසේ කලේ මඩ ගොහොරුවක් බවට පත්වූ නිවසකට ලබා දෙන කොට්ට මෙට්ට ආදිය එම අවස්ථාවේදී ඔවුන්ගේ නිවෙස් තුල ප්‍රයෝජනයට ගැනීමට හැකියාවක් නොතිබූ නිසයි.
ලද ආධාර සියල්ල ලේඛන ගතකර සුරක්ෂිතව ගබඩා කර තිබෙනවා පරිත්‍යාග කල අයට මෙන්ම ඕනෑම කෙනෙකුට ඒවා පරික්ෂාකර බලන්න හැකියාව තිබෙනවා.සිදුවූ විපත හමුවේ සංවේදී වූ ජනතාව ලබාදුන් පරිත්‍යාග හරහා දේශපාලනය කිරීම මගේ දේශපාලනයේ නැහැ
ලැබුණු පරිත්‍යාග පුර්ණ විනිවිදභාවයකින් සුදුසු පුද්ගලයන්ට සුදුසු අවස්ථාවේ නියමිත ක්‍රමවේදයක් යටතේ බෙදා හැරීමට නුදුරු දිනයක කටයුතු කරනවා.යයිද නගරාධිපති වරයා තවදුරටත් ප්‍රකාශ කළේය.







