මිගමුව දුම්රිය ස්ථානය අසල පිහිටි නිල නිවාස ලබාගෙන ඇති සේවකයන් ඒවා බාහිර පුද්ගලයන් සදහා මුදලට ලබා දීම රාත්‍රී පොලේ කඩ සදහා එම නිවෙස්වලින් විදුලිය ලබාදීම ඇතළුව සිදුකරන නීතිවිරෝධී කටයුතු වැළැක්වීමට කඩිනමින්පියවර ගතයුතු බව දුම්රිය සේවකයෝ පවසති.
මෙම අනීතික කටයුතු සිදුකරන එක් නිවසක් දැනට වසර දෙකකට පෙර මහව දුම්රිය ස්ථානයට මාරුවීගොස් ඇති සේවකයෙකු වෙනුවෙන් සහ තවත් නිවසක් නාත්තන්ඩියේ සේවයකරන අයෙකු වෙනුවෙන්ද තවත් නිවසක් ඇවරිවත්ත දුම්රිය හරස් මගෙහි ගේට්ටුවේ සේවකයෙකු නමින් ද වෙන්කර ගෙන ඇති බවද අපවෙත නම් හෙලිනොකිරීමේ පොරොන්දුව මත තොරතුරු ලබාදුන් දුම්රිය සේවකයන් පැවසිය.
රාත්‍රී පොලට පැමිණෙන ලොරි රථ මෙම නිවාස අසලට ගැනීමට හැකිවන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉදිකර තිබු වැට කඩා ඉවත්කර ඇති අතර වැට පිළිසකර කිරීම සදහා කටයුතු නොකරන්නේ මෙම නිවාස වෙළදුන් සදහා බඩු ගබඩා කිරීමට ලබාදී අනිතිකව උපයන මුදලී කොටසක් මොවුන්ට ඉහලින් සිටින නිලධාරින් අතටද ලැබෙන නිසා වියහැකිබව ද තොරතුරු හෙළිකරන සේවකයන් පවසති.
එමෙන්ම මෙම නිවාස විවිධ සමාජ විරෝධී කටයුතු සදහාද පිටස්තර පුද්ගලයන් විසින් යොදා ගන්නා බවද දැනගන්නට ඇත.
වැට කඩා දමා ඇති නිසා නගර සභා සේවකයන් රාත්‍රී පොලෙන් එකතුවන පොලිතින් ඇතුළු කසල මෙම නිල නිවාස අසල ගොඩගසා ගිනි තැබීමෙන් විශාල පරිසර හානියක්ද සිදුවෙමින් තිබේ
මෙම කරුණු පිලිබදව මිගමුව දුම්රිය ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් කල අතර මෙම නිලනිවාස දුම්රිය ස්ථානයේ පාලනයට නොවැටෙන බවත් එමනිසා මේ සම්බන්ධයෙන් තමන්ට මැදිහත්වීමක් සිදුකල නොහැකිබව ප්‍රකාශ කළේය..
කෙසේ උවත් මෙම තොරතුරු අදාළ අංශවෙත දැනුම් දීමට පියවර ගන්නා බවද දුම්රිය ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.








