කුන්මින් යන්න ගිය චීනා අත්අඩංගුවට

කොතලහිඹුටු කිලෝග්‍රෑම් 48.6ක් සිය ගමන් මලු තුල සගවාගෙන නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් පිට කිරීමට උත්සාහ කල චීන ජාතික ගුවන් මගියකු අත්අඩංගුවට ගැනීමට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේ පිටත් වීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත රේගු නිලධාරීන් සමත්ව තිබේ.

කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ තුල නිරන්තරයෙන් සිදුකරන මෙහෙයුම් අතරතුර 2026.04.02 දින සිදු කළ වැටලීමකදී චයිනා ඊස්ටන් ගුවන් සේවයේ MU 714 අංක දරණ ගුවන් යානයෙන්  කොළඹ සිට චීනයේ කුන්මින් වෙත  ගමන් කිරීමට පැමිණි චීන ජාතික ගුවන් මගියකු සතුව තිබී මෙම කොතලහිඹුටු තොගය හමුව ඇති අතර පිටත්වීමේ පර්යන්තයේ රාජකාරියේ නියුතුව සිටි රේගු නිලධාරීන් විසින් පරික්ෂාකිරීමෙදී එම මගියාගේ ගමන් මලු තුල තිබී හමුවූ මෙම කොතලහිඹුටු තොගය තේ අඩංගු පැකට් ලෙස දක්වා ඇති ඇසුරුම් වලින් ආවරණය කර සඟවා තිබී ඇත.

කොතලහිඹුටු යනු, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ විධිවිධාන අනුව විශේෂ ආරක්ෂිත ශාකයක් වන අතර ඒවා මෙලෙස අපනයනය කිරීම නීති විරෝධී වන අතර එය රේගු ආඥා පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමකි.

ගුවන් තොටුපළ රේගු නිලධාරීන් හා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ අංශය එක්ව මේ පිළිබ‍ඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර රුපියල් 145000 පමණ වටිනා මෙම කොතලහිඹුටු තොගය රාජසන්තක කර අදාළ මගියාට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් පනවා ඇත.

පසුගිය කාලය පුරාවටම දේශිය වශයෙන් ආවේණික හා වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇති මෙවැනි ශාක නීති විරෝධීව මෙරටින් රැගෙන යාමේ උත්සාහයන් විශාල ප්‍රමාණයක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img