28 C
Negombo
28 C
Negombo

කුඩු සල්ලි කෝටි 22 බැංකුවේ – කුරනදී ඇල්ලු ජෝඩුවට රැදවුම් නියෝග-මිගමුවෙනුත් ලක්‍ෂ ගණන් තැන්පත් කරලා

-

ඩුබායිහි සිට ජ්‍යාතන්තර මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙයවන  ගිහාන් ෆොන්සේකා ගේ   මත්ද්‍රවය ජාවාරම්වලින් උපයාගත් කෝටි 22 කට ආසන්න මුදලක් බැංකු ගිණුම මගින් හුවමාරු කරමින්  මත්ද්‍රව ජාවාරමේ යෙදුනු යුවලක් මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ දින හතක් රදවාගෙන ප්‍රශ්න කිරීමට මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් නිසේන්ද්‍ර ඒකනායක මහතා අවසර ලබාදුන්නේය.

මෙසේ රදවාගෙන ප්‍රශ්න කරනුලබන්නේ කුරණ කටුනායක නන්දා මාවතේ පදංචි කරුවන් වන ප්‍රදීප් රෝසා 44 සහ තුෂාරිසංජිවනි 39 යනදෙදෙනාය.

මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී සමන්සිගේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා හෙරොයින්  ග්‍රෑම් 8 ක් සහ මිලිග්‍රෑම් 400 ක් සමග මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති සම්පත් දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන සිදුකල විමර්සන වලදී අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව  2019 පෙබරවාරි 19 වනදා සිට  2020 ජූලිමස 20 වනදා දක්වා කාලය තුල සැකකරුවන්ගේ නමින් සිදුව ,කටුනායක සහ දිවුලපිටියපුද්ගලික  බැංකුවක  ශාඛා කිහිපයක පවත්වාගෙන ගිය ජංගම සහ ඉතිරි කිරීමේ ගිණුම් වලින් කෝටි 24 කට අසන්න මුදලක් ගනුදෙනු වී ඇත.

මෙම ගිණුම් වලින් වැඩිමුදලක් සංසරණය වී ඇත්තේ  මෙම කාන්තාව නමින් දිවුලපිටියේ  බැංකුවක පවත්වාගෙනගිය ජංගම ගිණුමේ වන අහර එම මුදල රුපියල්  206359512 කි.

මෙම කාන්තාවට දිවුලපිටිය බංකු ශාඛාවේ ගිණුම විවෘතකරදී ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ටයිල් චමින්ද නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරු විසින් වන අතර ගිණුම විවෘතකල අවස්ථාවේදීම සැකකාරියගෙන් මුදලක් සදහන් නොකල විවෘත චෙක්පත් වලට අත්සන් ලබාගෙන චෙක්පොත ටයිල් චමින්ද බාරයට ගෙන තිබේ.

මෙම ජංගම ගිනුමට මිගමුව වාරියපොළ ආදී විවිද ප්‍රදේහවලින් ලක්‍ෂ ගණනින් මුදල් බැරවී ඇති අතර ඒ වා චෙක්පත් මගින් ආපසු රැගෙන ඇතිබවද විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ටයිල් චමින්ද අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ගිණුමේ රුපියල් ලක්‍ෂ 15 වක ශේෂයෙන් තිබී ඇතිඅතර එම ගිණුම වසා සැකකරු සහ සැකකාරිය විසින් ඉතිරිකිරීමේ ගිණුමකට මාරුකර එම මුදල ලබාගෙන තිබෙන බවද සිදුකල ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

 

එමෙන්ම මෙම ගිණුම පවත්වාගෙන යාම වෙනුවෙන් මෙම යුවලට මාසිකව රුපියල් 60000 ක මුදලක් ද ටයිල් චමින්ද විසින් ගෙවූබව ද සැකකරුවන් ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලදී හෙළිදරවු වී තිබේ

මෙම ගිණුම වලට මුදල් බැරකළ සහ චෙච්ක්පත් මාරුකල  මිගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හදුනාගෙන ඇතිබවත් ඔවුන් ද අත්අඩංගුවට ගැනීම සදාහා පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කරනබව මිගමුව දිස්ත්‍රික්1 ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී රනජිත් කොට්ටහච්චි මහතා පවසයි .

එමෙන්ම මෙම ගිණුම් විවෘත කිරීම සදහා බැංකුවේ යම් නිලධාරියෙකු හෝ සේවකයෙකුගේ සහාය ටයිල් චමින්දට ලෑබි තිබේද යන්න පිළිබදවද විමර්ශකයන් ගේ අවධානය යොමුව ඇත

මෙම අත්අඩංගුවට ගැනීමට සහ විමර්ශන කටයුතු සදහා මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යන්ශයේ ස්ථානාධිපති සම්පත් දිසානායක පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර ,උපපොලිස් පරීක්ෂක සරත් රත්නායක පොලිස් සැරයන් වරුන් වන 4866 බණ්ඩාර 60490 සෙනවිරත්න 61836 චන්දන පොලිස් කොස්තාපල් වරුන්වන 76336 රංග 79452 බුද්දික 37929 වන්නිනායක කාන්ත පොලිස් කොස්තාපල් 9834 රම්‍යා සහ පොලිස් රියදුරු මඩවල යන නිලධාරින්ද සහභාගිවී ඇත.

 

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content