මිගමුව මහනගර සභාවේ මහා සභා වාරතා මුද්‍රණයට ලක්‍ෂ 18 ක් ………..?

රටම ඩිජිටල් කිරීමේ රජයේ වැඩ පිළිවෙලට සමගාමීව මිගමුව නගරසභාවේ කටයුතු ද  ඩිජිටල් කිරීම සදහා නියෝජ්‍ය නගරාධිපති දුලිප් චාමර ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් තොරතුරු තාක්ෂණ හා ඩිජිටල්කරන කටයුතු පිළිබද ස්ථාවර කාරක සභාවක් පිහිටුවා ඇත.

මෙම කාරක සභාව ඩිජිටල් කරණය ආරම්භ කිරීමට පළමු පියවර තැබිය යුත්තේ සභා සභා කටයුතු ඩිජිටල් කිරීමෙනි.

අපවෙත ඇති තොරතුරු අනුව සාමානයෙන් මිගමුව මහා නගර සභාවේ මාසික මහා සභාවට පෙර මාසයේ පැවති මහා සභාවේ වාර් තාව , කාරක සභා වාර් තා  සහ ඒවායේ ඇමුණුම් සමග දල වශයෙන් කිලෝග්රෑම් එකකට ආසන්න මුද්‍රිත ලේඛන ගොනුවක්සෑම මන්ත්‍රී වරයෙකුටම  ලබාදීමක් සිදුකරයි

.මේ අනුව දලවශයෙන් එක් මහා සභා රැස්වීමකදී නාගරික මන්ත්‍රීවරුන් සදහා වාර් තා සහ ඇමුණුම් ලබාදීම සදහා  කිලෝග්රෑම් 50 හකට ආසන්න ලිපිද්‍රව්‍යප්‍රමාණයක්  අවශ්‍ය වේ.මහාසභා වාර් තාව  යනු රහස්‍ය ලියවිල්ලක් නොවේ. එමනිසා ඒවා මහා නගර සභාවේ වෙබ් අඩවියෙන් පරිශීලනය   හැකි වන පරිදි උඩුගත කලහැකිය.

එමගින් කඩදාසි, ජායා පිටපත් සේවක වැටුප් වියදම් ආදිය සම්පුර් නයෙන්ම ඉතිරි කරගත හැකිය.

අපකළ ගවේෂණයකට අනුව දැනට සභාවේ සිටින වයසින් ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයාට පවා යම් දුරකට පරිඝනක සාක්ෂරතාවයක් මෙන්ම සමාජ මධ්‍යා භාවිතය පිළිබදවද යම් අවබෝධයක් තිබේ.

එමෙන්ම වාර් තාව  මන්ත්‍රී වරුන්ගේ නිවාස වලට බෙදා හැරීම සදහා වැයවන ප්‍රවාහන වියදමද 0 දක්වා අඩුකළ හැකිවීමද ඩ්ජිටල් කිරීමෙන් ලැබෙන තවත් වාසියකි.

එමන්ම මහා නගර සභා අඥා පනතේ 25 වගන්තියේ දැක්වෙන පරිදි මහා සභා වාරතා පිලිබදව කරුණු ඇතුලත්ව ඇති අතර එමෙන්ම 2001 .01.01 දිනසිට මිගමුව නගර සභාව විසින් පිළිගෙන ඇති අතුරු ව්‍යවස්ථා අනුවද  වාරතා වේ මුද්‍රිත පිටපතක් මන්ත්‍රී වරුන්ට ලබාදිය යුතුබවක් සදහන් නොවේ.

අද වෙළද පොළ මිල ගණන් අනුව ගණනය කලහොහ් අවම වශයෙන් එක් මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් ලබාදෙන ලේඛන කටටලයකට රුපියල් 3000 ක පමණ මුදලක් වියදම්වේ ඒ අනුව ආසන්න වශයෙන් අවුරුද්දකට මේ සදහා ලක්‍ෂ 18 ක් පමණ මුදලක් වැයවේ.

මේ අනුව වසරකට ලක්‍ෂ 18 ක මුදලක් ඉතිරි වනවා මෙන්ම කඩදාසි කිලෝග්රෑම් 600 ක් පමණ ඉතිරි කිරීමෙන් කඩදාසි නිෂ්පාදනය සදහා කපාදමන ගස් කීපයක් ඉතිරි කර  පරිසරය සුරකිමටද දායක විය හැකිය

මිගමුව මහා නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති දුලිප් චාමර ප්‍රනාන්දු මහතාගේ අවධානය පිණිසයි

Hot this week

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

Topics

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img