28 C
Negombo
28 C
Negombo

මුන්නක්කරයේ කාන්තාවන් කුට්ටිකාඩුව සටනේ පෙරමුණ ගනී

-

වසර පනහකට අධික කාලයක් මුන්නක්කරය ගම්වාසීන් ගේ දරුවන් ක්‍රීඩාකළ කුට්ටිකාඩුව  දුපතේ නැනැල්ල මහුදු මට්ටමට හරා පස් ඉවත්කිරීමට දිසා  වනසංරක්ෂණ නිලධාරිනිය හදිසියේම කල  තීරණය කඩිමුඩියේ ක්‍රියත්මක කිරීමට පැමිණි මිගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් කරුවන්ට ප්‍රදේශයේ කාන්තාවන්ගෙන් සහ පාසැල් දරුවන් එල්ල කල දැඩි පීඩනය හමුවේ  නැනැල්ලහැරීම අත්හැරදමා යාමට සිදුවිය.

කොවිඩ් වසංගතය පාලනයටත් වඩා හදිසි කටයුතක් ලෙස මෙය සිදුකරනු ලබන්නේ අක්කර 8 ක කඩොල් කපා දුපතක අනවසර ඇළමාර්ග පැතිබැමි ඉදිකර හෝටලයක් ඉදිකළ ව්යාපාරිකයාගෙන් ලබා ප්‍රයෝජන ලබාගෙන ඇති නිලධාරීන් විසින්බව ප්‍රදේශ වාසින්  පවසයි.

තමන්ට සිදුව ඇති අසාධාරණය පිලිබදව ප්‍රදේශය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගෙන් කරනලද ඉල්ලීමට ඔවුන් සක්‍රියව මැදිහත් නොවීම නිසා ජනතාව අරගල කරන තැනට තල්ලුවී ඇතිබවත් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසිය.

ව්‍යාපාරිකයාටරථ ගාලක් සදහා  ඉඩම ලබාදෙනවාද 4500 ක් පමණවන දරුවන්ට ක්‍රීඩා කිරීම සදහා මෙම භුමිය ලබාදෙනවාද යන්න රජය තීරණය කලයුතු බව කුට්ටිකාඩුව දුපතේ නිරීක්ෂණ චාරිකාවක් සදහා 16 දින පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසිය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Click to Hide Advanced Floating Content