කොකේන් සිරුරේ සගවාගෙන පැමිණි කාන්තාවක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට නීති විරෝධී මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමේ කටයුතු අතරතුර, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ (NCU) නිලධාරීන් විසින් අද (2026.04.12) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විදේශීය කාන්තාවක් විසින් සිදු කිරීමට උත්සාහ කළ මහා පරිමාණ කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් උත්සාහයක් සාර්ථකව වළක්වා ගැනීමට සමත් වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා පවසයි.

මෙම සිද්ධියට අදාළ සැකකාරිය වන්නේ වයස අවුරුදු 47ක් වූ උගන්ඩා ජාතික කාන්තාවකි. ඇය උගන්ඩාවේ සිට දෝහා හරහා කටාර් එයාර්වේස් ගුවන් සේවයේ QR664 ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී, බුද්ධි තොරතුරු හා අවදානම් විශ්ලේෂණය මත තෝරා ගනිමින් පූර්ණ වශයෙන විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත.

එහිදී සැකකාරියගේ ඇඳුම් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවාගෙන තිබූ කොකේන් කැප්සියුල් 21ක් සොයාගෙන ඇති අතර, ඒවායේ මුළු බර ග්‍රෑම් 274ක් පමණ වේ. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 12.33ක් පමණ වන බව ඇස්තමේන්තු කර ඇත.

තවද, සැකකාරිය විසින් සිය ශරීරය තුල  (internal concealment) තවත් මත්ද්‍රව්‍ය කැප්සියුල් ගිලගෙන ඇති බවට ද දැඩි සැකයක් පවතින අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වෛද්‍ය හා නීතිමය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන යමින් පවතී.

අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සොයාගත් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි පරීක්ෂණ, නීතිමය ක්‍රියාමාර්ග හා නඩු පැවරීම් සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය වෙත භාර දී ඇත

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img