මීගමුව පළඟතුරේ මුහුදු වෙරළ සීමාවේ සිට ප්‍රධාන පාර දක්වා තනා ඇති කුඩා පාරක් කඩා ඉවත් කිරීමට කටයුතුකල වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධතාවයකට මුහුණ දීමට සිදුවිය.
බෝට්ටු මගින් රැගෙන එන මසුන් මුහුදු වෙරළේ සිට වෙළඳාම් පිණිස ශාන්ත ආනා මාළු ලේල්ලම දක්වා පහසුවෙන් රැගෙන ඒමට ප්‍රදේශයේ ධීවර ජනතාවදැනට මාස හයකට පමණ පෙර මෙම කුඩා පාර සකස් කරගෙන ඇත.
මීගමුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්ඊයේ 12 දින සහ අද 13 වෙරළ තිරයේ තිබු තාවකාලික ඉදිකිරීම් ඉවත් කිරීම සදහා කටයුතු කලේය.
මෙම කටයුතු සදහා පොලිස් විශේෂ කාර් ය බලකායේ ආරක්ෂාවද ලබාදී තිබිණි.






