අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මිගමුව අබේසේකරාරාම විහාරයේ විහාරාධිපති, පූජ්‍ය දැවමොට්ටාවේ මලියදේව තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ උත්සවයක් එම විහාරයෙදී පැවත්විණි.
අමරපුර ශ්‍රී මූලවංශික මහා නිකායේ, මහා නායක අහුන්ගල්ලේ විමලධර්ම තිස්ස නාහිමිපාණන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට අනුනායක හිමිවරුන් ඇතුළු මහාසංඝරත්නය දායක දායිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවිය.
මෙම උත්සවයේදී උන්වහන්සේ වෙත සන්නස් පත්‍රයපිළිගැන්වීම විශ්‍රාමලත් හිටපු ගුවන් හමුදාපති,විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් සිදුකල අතර විජිනි පතපිළිගැන්වීම කිරීම ,මීගමුව අබේසේකරාරාම විහාරස්ථානයේ දායක සභාවේ සභාපති, ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතා විසින් සිදු කලේය.





