නිරෝධායන රෙගුලාසි කඩකරමින් කටයුතු කරන්නේ නම් මිගමුව තවත් දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවියහැකි බව මිගමුවේ සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවයි.
මේවනවිට මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශය තුලින් කොව්ඩ් 19 ආසාදිතයන් 217 දෙනෙකු වාර්තාවී ඇතිඅතර ධිවර ප්‍රජාව අතර සිදුකල අහබු පි සි ආර් පරීක්ෂණ තුලින් ආසාදිතයන් වාර්තාවීම නිසා විශාල පිරිසක් එක්තැනකට එකතුවී සිදුකරන කරවල වෙලිමේ කටයුතු ද මෙම මස 15 දිනසිට තාවකාලිකව නතර කිරීමට තීරණය කරනු ලැබිය.
තහනම් කල ස්ථානවල සිදුකල කරවල වේලීම සෞඛ්‍ය උපදෙස් නොතකමින් වෙනත් තැන්වල සිදුකිරීම ආරම්භකර ඇත. ඒත්තුකාලසහ වැල්ලවීදිය ප්‍රදේශවල බහුල වශයෙන් නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් සිදුකරන මෙම කටයුතු පිලිබදව කඩිනමින් නිතිය ක්‍රියාත්මක කරනලෙස සෞඛ්‍ය අංශ විසින් බලධාරීන් වෙත දැනුම් දී ඇතිබව ද වාර්තාවේ
[…] […]