රෝහල් ගතකළ යුතු මට්ටමේ සිටින රෝගීන් නිවෙස්වල රදවාගෙන ප්‍රතිකාර කිරීම සිදුකිරීම හේතුවෙන් තත්වය නරක අතට හැරුණු රෝගීන් මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ ඩෙංගු සහ රක්තපාත කළමනාකාරණ ඒකකයට සහ ප්‍රදේශයේ පුද්ගලික රෝහල් වලට ඇතුලත් කල අවස්ථා තිබෙන බව දැනගන්නට ඇත
.මෙම සටහන සමග ඇති VIDEO වේ සටහන්ව ඇත්තේ ඉහත සදහන් පරිදි නිවසේ තබාගෙන රුධිර පට්ඨිකා ප්‍රමාණය 11000 දක්වා අඩුවී රෝගියාගේ තත්වය නරක අතට පත්වීමෙන් පසු රෝහල් ගතකළ අයෙකු සදහා ලබාදුන් ප්‍රතිකාර පිලිබදව ඔහුගේ බිරිද කරනු ලබන ප්‍රකාශයකි.
මැලේරියා රෝගය සදහා ලබාදෙන් ඖෂධ මෙන්ම Methyl Prednisone and Mefenamic Acid කියන ඩෙංගු සැකසහිත අවස්ථාවලදී තහනම් කරනලද බෙහෙත් ද තම සැමියාට ලබාදී ඇතිබව දැනට ඔහු නේවාසික ප්‍රතිකාර ලබන රෝහලේ වෛද්‍යවරුන් දැනුම්දුන් බවද රෝගියාගේ බිරිද තවදුරටත් පැවසිය.
මෙම ප්‍රකාශය සමාජ ගතකරනු ලබන්නේ මහජන සුභ සිද්ධිය සදහා සහ සෞඛ්‍ය අමාත්‍ය තුමා ඇතුළු බලධාරීන්ගේ අවධානය පිණිසය.








