මීගමුවේ නීතිවිරෝධී මුදල් එකතුකිරීම් -ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලිඛිත පැමිණිල්ලක්

මිගමුව මහානගර සභාවේ නාගරික කොමසාරිස් විසින් මාරග සංවරධන අධිකාරියට අයත් පාරවල්නතරකර තබන වාහනවලින් නැවැත්වීමේ ගාස්තු අයකිරීමට  ටෙන්ඩර් කැදවා  ලබාදී ඇති ස්ථාන පිළිබද ලේඛනයක් අපවිසින් ඉදිරිපත්කල තොරතුරු ඉල්ලුම් පත්‍රයකට පිළිතුරු ලෙස ලබාදී ඇත.

මෙම ස්ථානවල නගර සභාවට ටෙන්ඩර් කැදවා මුදල් එකතුකිරීමට කිසිදු නිත්‍යානුකුල අයිතියක් නොමැතිබවත් එවැනි ටෙන්ඩර් කිරීමක් සිදුකර ඇත්නම් එය වහාම අවලංගු කිරීමට කටයුතුකරනලෙස මාරග සංවරධන අධිකාරියයේ මිගමුව ප්‍රාදේශීය  විධායක ඉංජිනේරු විසින් අපටද පිටපතක සහිතව නාගරික කොමසාරිස් වෙත 2026.06.18 දින දන්වා ඇත.

එහෙත් මේ වනවිටත් නගරසභාව විසින් ටෙන්ඩර් ප්‍රධානය කර ඇතිබව කියන ස්ථානවල නතරකර තබන වාහනවලින් විවිධ පුද්ගලයන් විසින් මුදල් එකතුකිරිම සිදුකරනු ලබයි.

(මෙම ස්ථානවල ගාස්තු අයකරනබව සදහන් නිල දැන්වීම් පුවරු සවිකර නැත) .

එමෙන්ම මෙම අනිතිකව  මුදල් එකතුකරන ස්ථාන සම්බන්ධයෙන් මිගමුව  මහේස්ත්‍රාත් අධිකරණය නිකුත්කළ තහනම් නියෝගයක් බි 751/11නඩුවේ තීන්දුව මගින් ලබාදී ඇති අතර  ඇපල් අධිකරණය විසින් 383/2017 ඇපෑල සම්බන්දයෙන්  13.03.2020  ලබාදී ඇති නියෝගය අනුවද මෙම මුදල් එකතු කිරීම නීති විරෝධී කටයුත්තක් මෙන්ම අධිකරණ නියෝගය නොසලකා හැරීමකි.

මෙම අධිකරණ නියෝග දෙකම දැනටමත් නාගරික මන්ත්‍රීවරු දෙදෙනකු විසින් මහා සභාව ඉදිරිපත්කර  ඇති අතර එම අධිකරණ නියෝග සම්බන්ධයෙන් නගර සභාවේනගරාධිපති වරයා ඇතුළු  ධුරදාරින් නාගරික කොමසාරිස් ඇතුළු නිලධාරින්ද හොදින් දැනුවත්ව ඇති කරුණකි.

මෙම අනීතික මුදල් එකතු කිරීම නතර කිරීමට කටයුතු නොකරන නගරික කොමසාරිස් ඇතුළු නිලධාරින්ට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නිත්‍යානුකුල පියවර ගන්නාලෙස පුරවැසියන් 114 දෙනෙකුගේ අතසනින් මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයාට 2026.08.18 දින ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත්කිරීමට කටයුතු කර ඇත.

මිගමුව නගරයේ සිදුවන මෙවැනි අනීතික කටයුතු සමග එකග නොවන ඒවා වැළැක්වීම සදහා පටු වාසි හෝ ලාභ වලින් තොරව අවශ්‍ය සහය ලබාදීමට කැමති සැමට අප හා එක්වන්නැයි ආරාධනා කරමු.

 

Hot this week

මීගමුවේ පෙට්ටිකඩ මාපියාවක්

මිගමුව නගරයේ පදික වේදිකා වලින් වැඩි කොටසක් අනවසර ඉදිකිරිම...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

Topics

මීගමුවේ පෙට්ටිකඩ මාපියාවක්

මිගමුව නගරයේ පදික වේදිකා වලින් වැඩි කොටසක් අනවසර ඉදිකිරිම...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img