ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික පහස ඉල්ලන පාලිත ප්‍රනාන්දු අන්ත දූෂිතයෙක් – රංග විමලවංශ සියල්ල චමුදිතගේ මාධ්‍ය සාඛඡ්චාවේදී හෙලි කරයි.

-

මළල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා අන්ත දූෂිතයෙකු බවත් ඔහු ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන්නෙකු බවත් ආසියානු රන් පදක්කම්ලාභී ඔලිම්පික් ධාවන ශූර රංග විමලවංශ මහතා පැවසූවේ පසුගියදා පැවති ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවැත්වූ යූ ටියුබ් සාකච්ඡාවේදී හා ඔහු විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදීය. එහිදී ඒ පිලිබද ආන්දෝලනාත්මක කරුණු රැසක් රට හමුවේ තැබීමට ඔහු කටයුතු කරන ලදි.

නිවාසාන්තර මළල ක්‍රීඩා තරගයේ සිට ඔලිම්පික් දක්වා සාර්ථක මළල ක්‍රීඩා ගමන් මගක් ඇති රංග විමලවංශ මහතා ප්‍රකාශ කරනුයේ වර්තමානය වන විට මළල ක්‍රීඩා සංගමය තුල ක්‍රියා කරන්නේ අවුරුදු ක්‍රීඩා තරගයකටවත් දුවපු නැති මළල ක්‍රීඩාව ගැන මෙලෝ හසරක් නොදත් පාලිත ප්‍රනාන්දු වැන්නවුන් බවයි.

රංග විමලවංශ තව දුරටත් ප්‍රකාශ කරන ආකාරයට.

වසර 15ක් පමණ මළල ක්‍රීඩා සංගමේ සේවය කල පාලිත ප්‍රනාන්දු මෙපමණ කලක් මළල ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සිදු කරපු සේවාවක් නම් පෙනෙන්නට නොමැත. ඒ මළල ක්‍රීඩාව පිලිබද හරිහැටි අවබෝධයක්ද ඔහුට නැති නිසාවෙනි.

එපමණක් නොව ඔහු මළල ක්‍රීඩාවෙන් ඉදිරියට ගන්නේ තමාට ගැති පිරිස් පමණි. ඔහුට ගැති නොවන පිරිස් සදහා ක්‍රීඩාව එපා කරවීමටත් ඔහු පසුබට නොවෙයි.

මළල ක්‍රීඩාව යනු මත්පැන් බෝතලේට හා විදේශ සංචාරයන්ට පමණක් සීමා වූ ක්‍රීඩාවක් නොවන අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හා සමානවම දියුණු කල හැකි මෙන්ම ලංකාවට කීර්තියක් අත්කර දිය හැකි ක්‍රීඩාවක් වශයෙන් මළල ක්‍රීඩාව හැදින්විය හැකිය.

කෙසේ වෙතත් මළල ක්‍රීඩාවට ආදරෙන් මෙම ක්‍රීඩාව දියුණු කිරීමට සංගමයට පැමිණි හිටපු යුධ හමුදාපති  ජෙනරාල් දයා රත්නායක මැතිතුමාටත්, මළල ක්‍රීඩාවෙන් මෙරටට කීර්තියක් අත් කර දුන් ධාවන ශූරී දමයන්ති දර්ශා මහත්මියටත්. තම රාජකාරිය හරිහැටි ඉටු කිරීමට ලබා නොදී ඔවුන්ට සංගමය පිලිකුල් තැනක් බවට පත් කිරීමට පාලිත ප්‍රනාන්දු කටයුතු කර තිබෙන බව නොරහසකි. රටට වැඩක් ගැනීමට තිබූ අවස්ථාවන් සුණු විසුණු කරමින් මේ වන විට දර්ශා විදේශගතව වාසය කරයි.  මෑතකදී ආසියානු ක්‍රීඩා උළෙලේ රන්  පදක්කම් ලාභිනියක් වන තරුෂි කරුණානායකටත්,  රිදී පදක්කම් ලාභී අරුණ දර්ශනටත්, පාලිතගේ බලපෑමෙන් මේ වන විටත් කෙනෙහෙලිකම් සිදු කිරීම ආරම්භ කර තිබේ. මොහුගේ මෙම ක්‍රියාවන් තුලින් රටට අහිමි වන්නේ වටිනා දස්කම් ඇති මිණිකැට බැව් නම් ප්‍රකාශ කල යුතුමය.

මේ ආකාරයට පාලිත නිසා ක්‍රීඩාව අතැර ගිය දක්ෂ ක්‍රීඩිකාවන් බොහෝය. එයට මූලිකම හේතුව වී ඇත්තේ 70ත් පැනපු පාලිත ගමේ ඉදන් තම මළල ක්‍රීඩා දක්ෂතාවය මුවහත් කර ගැනීමට කොලඹ එන අහිංසක ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගැනීමයි. මහනුවර ප්‍රදේශයේ සිටි දක්ෂ සුරූපී ක්‍රීඩිකාවකට මෙම අසාධාරණ කටයුත්ත සිදු වීම උදාහරණයකට ගත හැකිය. ඇයත් මේ වන විට රට අතැර ගොසිනි.

සමහර  පුහුණු කරුවන්ද සිදු කරන්නේ තම  ස්ථානය රැක ගැනීමට තමා යටතේ පුහුණු වන ක්‍රීඩිකාවන් මුලසුන හොබවන පාලිතට බාර දීමයි . මෙම නින්ධිත ක්‍රියාවන් බොහෝ අය ප්‍රසිද්ධියේ හෙලි කිරීමට මැලි වෙති. නමුත් පාලිත ප්‍රනාන්දුගේ මේ නොමනා ක්‍රියාවන්ට විරුද්ධව මීට පෙර සිටි ක්‍රීඩා ඇමතිවරයෙක් වෙත ගොනු කල චෝදනා පත්‍ර එකතුවක් අලු යට ගිනි පුපුරු මෙන් තිබේ.

මේ ආකාරයට බලන විට පාලිත ප්‍රනාන්දු යනු අමු පිස්සෙකි. ඔහුගේ අඩි පාරේ යමින් මළල ක්‍රීඩා සංගමයට ඉදිරියට පත් වීමට පෙරුම් පුරමින් බලා සිටින්නේද පාලිතටත් වඩා පිස්සෙකි. මෙවන් තත්වයක් තුල රටේ මළල ක්‍රීඩාවට යන කල දසාව කුමක්ද? එබැවින් මෙම ක්‍රියාවලිය වහා නතර කර මළල ක්‍රීඩාවට ආදරය කරන පිරිසක් මුල් පුටු සදහා පත් විය යුතුය.

ශ්‍රී ලංකා මළල ක්‍රීඩාව නිසි සැලැස්මකට අනුව ක්‍රියාත්මක වූවා නම් වර්තමානයේ තරම් මළල ක්‍රීඩාව වලපල්ලට නොයනු ඇති. රංග විමලවංශලා තරග දිනවන අවධියේදී මළල ක්‍රීඩාවට නිසි තැනක් රට තුල ස්ථාපිත වී තිබුනි. එබැවින් මළල ක්‍රීඩා සංගමයට පත් විය යුත්තේ ක්‍රීඩකයන් වෙනුවෙන් යමක් කල හැකි මෙන්ම නිසි සැලැස්මක් දියත් කල හැකි සභාපතිවරයෙකි.

මලල ක්‍රීඩා සංගමයටත් ඕනෑ  ශ්‍රී ලංකා බැට්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතා වැනි සභාපතිවරයෙකි. ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙකු සේම තම බැට්මින්ටන් ක්‍රීඩකයන් දිරි ගන්වමින් ඔවුන්ගේ දක්ෂතාවයන් ලෝකය හමුවේ තැබීමට නොමද සහයක් ලබා දෙන ක්‍රීඩා නායකත්වයක් වශයෙන් පෙන්වා දිය හැකිය. ඔහු ක්‍රීඩාවෙන් හම්බ කරන්නේ නැත. ලිංගික අල්ලස් ලබා ගන්නේද නැත. මළල ක්‍රීඩාවටත් අවශ්‍ය වන්නේ මෙවැනි නායකයින්‍ ය. එබැවින් මළල ක්‍රීඩාව අන්ත දූෂිතයට ගිය කාලය දැන් හොදටම ප්‍රමාණවත් ය. මෙතැන් පටන්වත් වෙනසක් සිදු විය යුතුය. එම වෙනස මළල ක්‍රීඩාවේ උන්නතිය උදෙසා සිදු කල එකක් විය යුතුය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here