දීර්ඝ කාලීනව ඉතාලියෙන් පිටව සිටීමේදී සොජෝර්නොව අවලංගු වෙනවාද?

දීර්ඝ කාලීනව ඉතාලියෙන් පිටව සිටීමේදී සොජෝර්නොව අවලංගු වෙනවාද?

ඉතාලි සොජෝර්නෝව ඇති ඔබ විවිධ හේතුන් මත ඉතාලියෙන් බැහැරව සිටන අවස්ථා වලදී එහි නිත්‍යානුකුල තත්වය පිලිබඳ තොරතුරු දැනගෙන සිටීම වැදගත් වේවි.

කාර්තා දී සොජෝර්නෝව හිමිකරුවන් හට ඉතාලි දේශ සීමාවෙන් පිටත වාසය කල හැකි උපරිම නිත්‍යානුකුල කාලසීමාව මාස 12 කි. මෙම කාලසීමාවේ බලපෑම ඇතිවන්නේ අඛණ්ඩව මාස 12 ක් ඉතාලියෙන් පිටව සිටීමේදී පමණි. තවද ඔබ ලංකාවේ සිටියද යුරෝපා සංගමයෙන් පිට සිටියද අදාලවනුයේ එම නීතියයි.
ඔබ කාර්තා දී සොජෝර්නෝව සමඟ ඉතාලියෙන් පිට යුරෝපා සංගමයේ රටක වසර 6 ක් වාසය කරන්නේ නම් හෝ ඔබ එරට විසීමේ බලපත්‍රය ලබාගන්නේ නම් ඉතාලි කාර්තා දී සොජෝර්නොව ස්භාවිකවම අවලංගු වේ.
ඔබට ඇත්තේ වසරක් හෝ වසර දෙකක් සඳහා වලංගු පෙර්මෙස්සෝ දී සොජෝර්නෝවක් නම් ඔබට නිත්‍යානුකුලව ඉතාලියෙන් පිටව සිටිය හැකි කාලය ගණනය කෙරෙනුයේ සොජෝර්නෝවෙහි වලංගු කාලසීමාව අනුවය. එය සොජෝර්නෝවෙහි වලංගු කාලසීමාවෙන් අඩකි. එනම් ඔබගේ සොජෝර්නෝවේ වලංගු කාලසීමාව වසරක් නම් ඉතාලියෙන් පිටව සිටිය හැකි කාලය අඛණ්ඩව මාස 6 ක් වන අතර සොජෝර්නෝවේ වලංගු කාලසීමාව වසර දෙකක් වන අවස්ථාවේදී ඉතාලියෙන් පිටව සිටිය හැකි කාලය අඛණ්ඩව මාස 12 කි.
එසේ උවද පහත සඳහන් සුවිශේෂී අවස්ථා වලදී ඉහත නිත්‍යානුකුල සීමාවන් සඳහා සහනයන් හිමිකර ගත හැක. එනම් රෝහල් ගතවීමට සිදුවූ අවස්ථාවකදී, ස්වාමියා / බිරිඳ හෝ සමීපතම පවුලේ සාමාජිකයින්ගේ බරපතල රෝගී අවස්ථාවකදී. ඔබට ඒ සඳහා අදාළ සියලු ලියවිලි සහතික කර ඉදිරිපත් කිරීමට හැකියාව තිබිය යුතුය.

SrilankaWeb.News
ඉහත වෙබ් අඩවියෙනි

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img