බලයට එද්දී කලාකරුවන්ට පොරොන්දු වූ කිසිවක් ලබා දෙන්නට වත්මන් රජය අසමත්වූයේ යැයි ද සිරිවර්ධන මහතා කීය.

කොළඹ වෝඞ් පෙදෙසේ අද (04)  පැවැති නිදහස් කලා සන්ධානයේ මාධ්‍ය හමුවක් අමතමින් සිරිවර්ධන මහතා මේ අදහස් පළ කළේය. එහි දී තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේ ද කීය.

‘‘මේ මැතිවරණය හිතල බලල කලට වෙලාවට ලබා දුන් එකක් නොවෙයි. නඩු කියල කෑ ගහල ඉල්ල ගත්තු එකක්. ඒ නිසා මේ මැතිවරණය ජනතා මැතිවරණයක්. අනෙක් අතින් මේක ජනමත විචාරණයක් වෙනවා.

කලා කරුවන් අද ජීවත්වෙන්නේ අඩු පාඩු රැසක් මැද්දේ. 2015 ජනවාරි පුරවැසි කලාකරුවන්ගේ සංවිධානය වෙත ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවන ලද ලිපියක් ඒ සංවිධානය සෙසු කලාකරුවන් වෙත ලබා දුන්නා. එහි සදහන් ව තිබු දේවල් වලින් කිසිවක් මේ වසර තුනේ දි  ඉටු වී නැහැ.  පළමු ඉල්ලීම වුණේ සංස්කෘතික ප්‍රතිපත්තියක් ඇති කිරිමයි. ඒ වගේම ප්‍රබල අමාත්‍යංශයක් සංස්කෘතිය වෙනුවෙන් ඇති කිරීමයි.  අද ඒ දෙකම සිදුවෙලා නැහැ විතරක් නොවෙයි, සංස්කෘතික අමාත්‍යංශය දෙකට කඩල දාලා. සංස්කෘතිය වෙනුවෙන් පැවැත්වුණ උළෙලවල් උත්සව සියල්ල අක්‍රීයයි.

එහි අස්සන් කළ ධර්මසිරි බණ්ඩාරනායක ජනාධිපති උපදේශක කෙනෙක්. කලාවට සම්බන්ධ බොහෝ දේ විකිණෙමින් පවතිනවා. නමුත් ඔහුට පවා කරගන්න දෙයක් නැහැ.  මේවා දකිද්දි මහින්ද රාජපක්ෂ යුගයේ මීට වඩා යහපත් තත්ත්වයන් තිබුණා. කොන්ද කෙලින් තියාගෙන රටේ  ඕන තැනක යන්න එන්න පුළුවන් කම තිබුණා. මේ ආණ්ඩුවෙන් කලාකරුවන්ට විතරක් නෙවෙයි, රසිකයන්ටත් වුණ සෙතක් නැහැ. කලාකරුරවන් පොහොට්ටුව දිනවන්නට රොද බැඳගත්තේ ඒ නිසයි.

‘ලංකාදීප එසැණ පුවත්