රාජකීය විවාහ මංගල්‍යය 2018: හැරී සහ මෙගන් විවාහ වෙති

bbcImage copyrightPA

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණගේ බාල මුණුපුරා වන හැරී කුමරු සහ මේගැන මාකල් අතිනත ගැනීමෙන් අනතුරුව වින්ඩ්සර් නගරය වටා චාරිකාවක යෙදුනහ.

හැරී කුමරුට බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කුමර කුමරියන් අතරින් හය වෙනි ස්ථානය හිමි වේ.

නව යුවල දැකගැනීම පිණිස 120,000 කට අධික පිරිසක් නගරයට රැස්ව සිටි බව බීබීසී වාර්තාකරුවෝ පවසති.

වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවති මංගල උත්සවයෙන් අනතුරුව නව යුවල මුලින්ම මාලිගය පරිශ්‍රයේ රැස්ව සිටි ආරාධිත සෙනග අතරින් ‘ඇස්කොට් ලන්ඩෝ’ වර්ගයේ අශ්ව කරත්තයක නැගී සංචාරය කළහ.

නව යුවල රැගත් අශ්ව කරත්ත පෙළ නගරයේ සංචාරය කළේ ඉන් අනතුරුවය.

bbcImage copyrightPA
bbcImage copyrightPA
bbcImage copyrightPA

ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ කැන්ටබරි හි අගරදගුරු ජස්ටින් වෙල්බිගේ ප්‍රධානත්වයෙන් පැවති විවාහ මංගල්‍යය සඳහා 600ක පිරිසක් ආරාධනා ලබා සිටියහ. මෙගන් මාකල්ගේ පාර්ශවයෙන් උත්සවයට සහභාගී වෙන්නේ ඇයගේ මව, ඩොරියා රග්ලන්ඩ් (Doria Ragland), පමණි.

බ්‍රිතාන්‍යවාසීන් අතරින් තෝරාගන්නා ලද තවත් 1200 ක පිරිසක් වින්ඩ්සර් මාලිගය පරිශ්‍රයට ආරාධනා ලැබ සිටියහ. ඒ අතරින් බොහෝ දෙනා තෝරාගෙන තිබෙන්නේ ඔවුන්ගේ සමාජ සේවා කටයුතු වෙනුවෙනි.

අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් මෙගන් මාකල් ගේ පියාට මංගල්‍යයට පැමිණීමට නොහැකි වූ බැවින්, ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ ද්වාරය වෙත පැමිණි මෙගන් මාකල් කැඳවා යනු ලැබුවේ චාල්ස් කුමරු විසිනි.

ඉන් අනතුරුව පැවති ආශීර්වාද මෙහෙයෙන් අනතුරුව ඔවුන් දෙදෙනා නව යුවලක් ලෙසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ එංගලන්ත සභාවේ ප්‍රධානී, කැන්ටබරියේ අගරදගුරු ජස්ටින් වෙල්බි විසිනි.

bbcImage copyrightPA
bbcImage copyrightPA
bbcImage copyrightPA

මංගල උත්සවය අතරවාරයේ අප්‍රිකානු සම්භවයක් සහිත අමෙරිකානු පූජකවරයෙකු වන මයිකල් කරි (Michael Curry) රදගුරුවරයා පැවැත්වූ අනුශාසනය සමාජ ජාල ඔස්සේ ප්‍රබල ප්‍රසාදයට ලක්වෙමින් පවතී.

ප්‍රේමයේ ශක්තිය පිළිබඳ පැහැදීමක් කළ රදගුරුවරයා, ප්‍රේමය රජ කරන විට “ලෝකය ක්ෂේම භූමියක්” වනු ඇති බව කියා සිටියේය.

ඩයනා කුමරියගේ සොහොයුරිය වන ජේන් ෆෙලෝස් ආර්යාව විසින් නව යුවලට ආශීර්වාද කරමින් පණිවුඩයක් කියවනු ලැබිණ.

විවාහයත් සමගම එලිසබෙත් රැජින විසින් හැරී කුමරුට සසෙක්ස්හි ආදිපාදවරයා (Duke of Sussex) පදවිය පිරිනමා තිබේ. ඒ අනුව විවාහවීමෙන් අනතුරුව මෙගන් මාකල් සසෙක්ස් හි ආදිපාදවරිය බවට පත්වේ.

bbcImage copyrightPA

සසෙක්ස්හි ආදිපාද පදවිය මීට ඉහතදී දරනු ලැබුවේ ඔගස්ටස් ෆ්‍රෙඩ්රික් කුමරු (Prince Augustus Frederick) විසිනි. ඔහු තුන් වෙනි ජෝර්ජ් රජතුමාගේ (George III) හයවෙනි පුත් කුමරු සහ නවවෙනි දරුවාය.

එමෙන්ම එලිසබෙත් රැජින විසින් හැරී කුමරුට (Prince Harry) ඩම්බටන්හි අර්ල්වරයා (Earl of Dumbarton) සහ කිල්කීල්හි බැරන්වරයා (Baron Kilkeel) පදවි ද පිරිනමනු ලැබුවාය.

bbcImage copyrightPA

හැරී කුමරු සහ මෙගන් මාකල් නව යුවල සෙනසුරාදා සවස් යාමයේ විවාහ මංගල සාදයට සහභාගි වෙති. චාල්ස් කුමරුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සාදයට නව යුවලගේ මිතුරු මිතුරියන් සහ පවුලේ සාමාජිකයන් ඇතුළු 200 ක පිරිසක් ආරාධනා ලැබ සිටිති.

REX/SHUTTERSTOCKImage copyrightREX/SHUTTERSTOCK
bb

BBCHINHALA

Hot this week

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

Topics

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...

මිගමුව බන්ධනාගාරයේ 17 ක් වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

මිගමුව බන්ධනාගාර තුල ඇති වු සිද්ධියෙන් ජිවිතක්ෂයට  28 දෙනාගෙන්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img