“සන්සුන්ව සහ විචක්ෂණ බුද්ධියෙන් යුතුව සමාජ මාධ්‍ය භාවිත කරන්න.”-ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

“සන්සුන් බවින් සහ විචක්ෂණ බුද්ධියෙන් යුතුව” සමාජ මාධ්‍ය භාවිත කරන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් කන්‍යා සොයුරියන්ට උපදෙස් දෙනු ලැබ තිබේ.

යදින්නන්ට අවවාදයක් යන අර්ථයෙන් යුතුව නිකුත්කර ඇති ලේඛණය, 2016 දී නිකුත් කරන ලද ආශ්‍රමික ජීවිතය පවත්වාගෙන යාමේදී පිළිපැදිය යුතු නීති පැහැදිළි කරන්නකි.

මෙම මාර්ගෝපදේශයන්හි පරමාර්ථය සුරක්ෂිතතාව සහ නැවත සිහි කැඳවීම බව එම ලේඛනයේ සඳහන්ය.

‘සමාජ සන්නිවේදනය’ ලෙස එම ලේඛනයේ සඳහන් වුව ද, මෙමගින් ඉලක්ක කර ඇත්තේ ෆේස්බුක් සහ ට්විටර් බව ‘ටැබ්ලට්’ කතෝලික පුවත්පතේ සඳහන්වේ.

‘වෙලාව අපතේ හැරීම’ පිළිබඳ අවවාදය

මාධ්‍යයේ ස්වභාවයට අමතරව, අහිමතය යොදාගත යුත්තේ “තොරතුරුවල ප්‍රමාණයට සහ සන්නිවේදන ක්‍රමයේ ස්වභාවය” අනුව බව ලේඛනයේ සඳහන්වේ.‘

උතුරු ස්පාඤ්ඤයේ කන්‍යා සොයුරියන් පිරිසක් සමූහ දූෂණයකට චෝදනා ලද පුද්ගලයන් කණ්ඩායමක් පිළිබඳ සමාජ මාධ්‍යවල කළ සටහනක් ප්‍රබල අවධානයට ලක්විය.

Pope Francis will be the first pontiff to visit Ireland since 1979Image copyrightEPA
Image captionෆ්‍රැන්සිස් පාප් වහන්සේ

මෙම කන්‍යා සොයුරියන් ස්පාඤ්ඤ බසින් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුණේ, තමන් රාත්‍රී ගමන් වලින් වැලකී, මත්පැන් පානයෙන් තොරව කන්‍යාරාමයේ ආරක්ෂා සහිතව ගෙවන ජීවිතයට කැමැත්තෙන් පැමිණි බවය.

“කාන්තාවන්ට දූෂණයට ලක්වීමෙන්, විනිශ්චයට ලක්වීමෙන්, තැති ගැනීමකින් හෝ අවමන් විඳීමකින් තොරවීමට කන්‍යා සොයුරියන් වීම හොඳම විසඳුමයි. මෙය අප නිදහසේ ගත් තීරණයක්, අප සියළු දෙයින් ආරක්ෂා වේවි,” යනුවෙන් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

පාප්තුමන් විසින් නිකුත් කළ ඉහත කී උපදෙස් මාලාව එම ස්පාඤ්ඤ කන්‍යා සොයුරියන් ඉලක්ක කරමින් නිකුත් කරන ලද්දක් යයි විශ්වාස නොකෙරේ. එසේම මෙය සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් කතෝලික සභාව කන්‍යා සොයුරියන්ට නිකුත් කළ පළමු උපදෙස් මාලාව ද නොවේ.

කන්‍යා සොයුරියන්ගේ ආශ්‍රමික ජීවිතය සකස් විය යුතු ආකාරය පිළිබඳ නීති මාලාව ප්‍රසිද්ධියට පත්කළේ 1950 වසරේදීය. නමුත් වත්මන් පාපතුමන් විසින් 2016දී එය නූතන සමාජයේ “තීරණාත්මක බලපෑමට” සුදුසුවන පරිදි පුළුල් කරන ලදි.

මාධ්‍ය මත “කාලය අපතේ හැරීමට අවකාශ නොතබන” ලෙස පාප්තුමා එහිදී කන්‍යා සොයුරියන්ගෙන් ඉතා උවමනාවෙන් ඉල්ලා සිටියි.

එසේ වුව ද වතිකානය බොහෝ විට ට්විටර් පණිවුඩ නිකුත් කරයි. එමගින් මේ වනවිට 15000 කට ආසන්න පණිවුඩ සංඛ්‍යාවක් නිකුත්කර ඇති අතර, වාප වහන්සේගේ ඉංග්‍රීසි භාෂා නිල ට්විටර් ගිණුම මගින් 1500 කට වඩා පණිවුඩ නිකුත් කර තිබේ.

වතිකානය මගින් ෆේස්බුක්, ඉන්ටග්‍රැම්, යූ-ටියුබ් සග ගූගල් ප්ලස් ආදී සමාජ මාධ්‍ය පවත්වාගෙන යන්නේය.

BBC SINHALA

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img