31 C
Negombo
31 C
Negombo

පොලිස් කාන්තාවන්ට කොට කලිසම් අන්දවා හැඩකරයි

-

නැගෙනහිර ලෙබනනයේ බ්‍රොම්මානා නමැති නගරයේ පොලිස් කාන්තාවන්ගේ නිල ඇඳුම වෙනස් කිරීමට බ්‍රොම්මානා නගරාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් හටගෙන ඇත.

බ්‍රොම්මානා නගරාධිපති පියේ අච්කාරා නගරයේ පොලිස් කාන්තාවන්ගේ නිල ඇඳුම වෙනස් කරමින් නව නීති පනවා ඇත්තේ නගරයට පැමිණෙන සංචාරකයන් වැඩි කර ගැනීමට යැයි ද පැවැසෙයි.

නව නීතියට අනුව, පොලිස් කාන්තාවන් කළු පැහැති කොට කලිසමකින් සහ රතු පැහැති තොප්පියෙන් සැරැසී සිටිය යුතු වෙයි.

බ්‍රොම්මානා නගරයට සංචාරකයන් පැමිණීමේ ප්‍රතිශතය සියයට 99 කින් පහළ වැටී ඇති හෙයින් තමන් මෙම තීරණය ගත් බව නගරාධිපතිවරයා පැහැදිලි කර තිබේ.

කෙසේ නමුත් නගරාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් බොහෝ දෙනාගෙන් දෝෂාරෝපණ එල්ල වෙමින් පවතිත බව ද වාර්තා වේ.

(රුසියා ටුඬේ ඇසුරිනි)

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.