නිලියන්ට නොමිලේ ඕස්ට්‍රේලියා යන්න වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් අමතන්න – චමුදිත

-

රංගන ශිල්පිනියන්ට ඕස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය නම් වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමතන්නැයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හිරු නාලිකාවේ අද පත්තරේ විස්තරේ වැඩසටහනේදී ඉල්ලා සිටියේය.

මුදල් පෙන්වීමේ ගැටළු, වීසා ලබා ගැනීමේ ගැටලු, නවාතැන් පහසුකම් ගමන් වියදම් ඇතුළු සියලු පහසුකම් රංගන ශිල්පිනියන් සඳහා ලබාදීමට ක්‍රිකට් ආයතනය සැදී පැහැදී සිටින බවද ඔහු පැවසීය.

රංගන ශිල්පිනී ශලනි තාරකාට පසුගිය ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයා විසින් විශේෂ අනුග්‍රහයක් දැක්වීම පිළිබඳව මන්ත්‍රී හේෂා විතානගේ විසින් කළ ප්‍රකාශයක් උපුටමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here