පොහොට්ටුව හොඳටම බයවෙලා -බැසිල්ගේ යෝජනාවට ජනපති දුන් පිළිතුර

-

නව සන්ධානයේ ඉදිරි කටයුතු සාකච්චා කිරීමේ විශේෂ හමුවක් පසුගිය අගහරුවදා පස්වරුවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ කොළඹ, මහගම සේකර මාවත පිහිටි නිවසේදී පැවැත්වුහ.මේ සඳහා නිමල් සිරිපාල,ජෝන් සෙනවිරත්න,අනුර යාපා,සුසිල් ප්‍රේමජයන්ත්,නිමල් ලන්සා,නලින් ප්‍රනාන්දු,ලසන්ත අලගියවන්න,පියංකර ජයරත්න,දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
“දැන් පොහොට්ටුව හොඳටම බයවෙලා ඉන්නේ,ඒකනේ බැසිල් ජනාධිපතිතුමාට කියන්නේ මේක නවත්තල දෙන්න කියලා “පියංකර කිවේය
.”අපි ඔය මොකටවත් සැලෙන්න හොඳ නෑ”අනුර යාපා කිවේය.
“බී,ආර් දන්නවා ලන්සා වැඩකට බැස්සොත් මොකද වෙන්නේ කියලා හුගක්ම බයවෙලා තියෙන්නේ එකයි.”පියංකර ලන්සා දෙස බලමින් කිවේය.
මේ අතරවාරයේ මන්ත්‍රී පිරිස් වත්මන් පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ වාග් ප්‍රහාර ගැනද කතාබහ කළහ.
“දැන් පොහොට්ටුවේ කථිකයෝ කතාකරන්නේ පුදුම දේවල් මේ යක්කුන්ට මුල මතක නෑ”ජෝන් කිවේය
“ඔව් පාන් කියාගන්නවත් බැරුව පාරේ බැහැල යන්නවත් බැරුව හිටියේ”නිමල් සිරිපාල කිවේය.
“ජනාධිපතිතුමා මැදිහත්වෙලා මේ රට සන්සුන් කරලා දුන්නා නිදහසේ ඉන්න පුළුවන් රටක් හදල දුන්නා ඒකවත් මතක නැතුව ජනාධිපතිතුමාට ගහනවා “ලන්සා කිවේ පිරිස දෙස බලමිනි.
මේ අතරවාරයේ අමරවීර ඇමතිවරයා පැමිණි පිරිසට රාත්‍රී ආහාරයද සුදානම් කර තිබිණි.බත්,ඉඳිආප්ප,ආප්ප වලින් කෑම වේල රසවත් විය
“අමරෙගේ ගෙදර ආප්ප වරදින්නේ නෑ ඉතින්.කන්නත් බයයි “සුසිල් කිවේ සිනා සෙමිනි.රාත්‍රී භෝජනය අමරවීර අමාත්‍යවරයාගේ බිරිඳගේ අතින්ම සකසා තිබීම ගැනද පිරිස කතාවුහ.දේශපාලන කතාවලට අමතරව රසබර කතාවලින්ද මෙහි අඩුවක් නොවිය.
මේ අතර නව දේශපාලන සන්ධානයේ ප්‍රචාරණ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.ආසන මට්ටමින් කොට්ඨාස සංවිධායකයින් කැඳවා දිස්ත්‍රික් මට්ටමින් නව සන්ධානය ගැන දැනුවත් කිරීමේ හමු පැවැත්වීමද මේ වන විට ආරම්භ වී ඇත.එහි පළමුවැන්න ජා ඇල රන්රීච් හෝටලයේදී පසුගිය සෙනසුරාදා පැවැත්වුණි.ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැවති මෙම හමුවට ආසන 13 නේ තෝරාගත් සංවිධායකවරුන් 50 කට වැඩි පිරිසක් සහභාගි වී සිටියහ.අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් මෙය සංවිධානය කර තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ද මෙම අවස්ථාවට එක්විය.ඉදිරි මාස කිහිපය තුළ සියලු දිස්ත්‍රික්කවල සංවිධායකවරුන් හමුවී අදාළ වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළු පවත්වා අවසන් කිරීමට සැලසුම් කර තිබේ.රාජගිරිය නො 118 කාර්යාලයද ගතවූ සතියේ කාර්යබහුල වුයේ නව සන්ධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට හිටපු පළාත් පාලන නියෝජිතයන්,වෘත්තීය සමිති නියෝජිතයින් පැමිණියහ.
සුගීශ්වර බණ්ඩාර සහ එස්.අමරසිංහ ඔවුන් සමග අනුබද්ධ සංවිධාන පිහිටුවා ගැනීම ගැන දිර්ඝ ලෙස සාකච්චා කළේය.
තත්වය එසේ තිබියදී පසුගිය ඉරිදා පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ සාකච්චාවක් පවත්වා තිබේ.නව සන්ධානය දිගින් දිගටම ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව සැලවූ බැසිල් එම නව සන්ධානයේ කටයුතු වහාම නතර කර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
“මේ වැඩේ කොහොමහරි කරලා නතර කරන්න වෙනවා.ලන්සලා මේ කරන වැඩෙන් වෙන්නේ අපේ අය කලබල වෙන එක”බැසිල් කිවේය
එහෙත් ජනාධිපතිවරයා ඊට ඇහුම්කන් දුන්නා මිස ඒ ගැන බැසිල්ට කිසිවක් නොකීමට වගබලා ගත්තේය.බැසිල්ගේ මෙම කඩාකප්පල්කාරී ක්‍රියා පිළිවෙත නිසා නව සන්ධානයේ මන්ත්‍රීවරුන්ද සිටින්නේ දැඩි කේන්තියෙනි.එම නිසාම ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල යොදා තිබු නව සන්ධානයේ ප්‍රතිසන්ධාන කටයුතු ලබන සැප්තැම්බර් මාසයේ සිටම ආරම්භ කිරීමට නව සන්ධාන මෙහෙයුම් කමිටුවේ මන්ත්‍රීවරුන් තීරණය කළහ.

පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ලත් නව සන්ධානයේ දැනට බිහිවූ දැවැන්තම සන්ධානය බවට පත් කිරීම සඳහා සිය මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පැවසිය.
ඒ අනුව දැනට මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පක්ෂ හා කණ්ඩායම්වලට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ,ටිරාන් අලස් යන අය සමගද කුමාර වෙල්ගම මහතාගේ කණ්ඩායම සමගද සාකච්චා කර තිබේ.
ඉදිරි සතිවල තවත් එවැනි කණ්ඩායම් බොහොමයක් සමග සාකච්චා කිරීමට නියමිත බවද ලන්සා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කිවේය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here