ඔන්ලයින් ක්‍ෂණික ණය දෙන්නන්ට නීති දැල එලයි…

-

අන්තර්ජාලය ඔස්සේ ක්ෂණික ණය ලබාදෙන සියලු ව්‍යාපාර නියාමනය කිරීමට නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර ඇත.

දිනෙන් දිනම මේ ආකාරයේ ආයතන වැඩිවීම මත එවන් ආයතන නියාමනය කිරීමේ අධිකාරියක් පිහිටුවීමටද මහබැංකු යෝජනා කර තිබේ.

මේ වන විට ඊට අදාළ නීති කෙටුම්පත් සකස් කරමින් පවතින බව මහ බැංකුවේ මූල්‍ය නොවන ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටී.

රටේ පවතින ආර්ථික තත්ත්වය මත ජනතාව විශාල වශයෙන් ණය ලබා ගැනීමට පෙළඹීම මත අන්තර්ජාලය හරහා ණය ලබා දෙන ආයතන රැසක් නිර්මාණය වී තිබීමත් මත මේ සඳහා මහ බැංකුවේ අවධානය යොමුව තිබේ.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here