ජංගම දුරකථයක් නිසා කාන්තාවක් දුම්රියේ හැපී මිය යයි…

-

ජංගම දුරකථයක් බාවිතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් දුම්රියේ ගැටිමෙන් 19වන දින මිය ගොස් ඇත‍.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු කොටගල දුම්රිය ස්ථානයේ නිලධාරියකු පවසන ලද්දේ 19වන දින සවස් කාලයේදි බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු අංක 1008 දරණ දුම්රියට කොටගල හැටන් අතර අඩි 60 පාලම අසලදි ගැටිමෙන් කාන්තාවක් මිය ගොස් ඇති බවත්ය.

එසේ මිය ගිය කාන්තාවගේ මල සිරුර එම දුම්රියෙන් කොටගල දුම්රිය ස්ථානයට ගෙනවිත් ඇති බවත් එම මල සිරුර කොටගල රෝහල ගෙන යාමට පියවර ගන්නා බවත්ය.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පතන දිඹුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ජංගම දුරකථනයක් බාවිතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් මෙසේ දුම්රියේ ගැටි මිය ගොස් ඇති බවත්ය.

එසේ මිය ගොස් ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවට මේ වන විට තොරතුරු ලැබි ඇති බවත් ඒ අනුව එම කාන්තාවගේ ඥතින් දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here